තෙල් නැව එන තුරු උඩ බලං ඉන්න වෙයි.. තෙල් අර්බුදය තවත් දරුණුයි.. සීමා තවත් තද කරයි..
November 5, 2017 at 8:02 am | lanka C news
ඉන්ධන අර්බුදය තව තවත් දරුණු වන ලකුණු පෙන්නුම් කරමින් රට පුරා පිටිටි ඉන්ධන පිරවුම්හල්වල ඉතා දිගු පෝලිම් දක්නට ඇති අතර තවත් පිරවුම්හල් ඉන්ධන නිකුත් කිරීම නවතා තිබේ.
මේ අතර බැරල්, කෑන් ආදිය වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
වාහන සදහාද නිකුත් කරන්නේ සීමා සහිතවයි.
යතුරු පැදියකට ලීටර් 2ක්, ත්රීවිලයකට ලීටර් 3ක්, මෝටර් රථයකට ලීටර් 20ක්ද ලෙස ඉන්ධන ලබා දීම සීමා කර ඇත.
මෙම තත්වය ලබන 08 වැනිදා මීලග තෙල් නැව එන තෙක් බලපැවැත්වෙනු ඇති බවද සදහන්ය.