තෙල් පෝලිමක තවත් අයෙක් මිය යයි.. ඔහු කුලියට පෝලිමේ සිටි අයෙක්….
June 29, 2022 at 10:43 am | lanka C news
දර්ගා නගරයේ අයිඕසී ඉන්ධන හලේ 28 දින රාත්‍රී ලොරි රථයකට ඩීසල් ලබා ගැනීමට කුලී පදනම මත පෝලිමේ සිටි පුද්ගලයෙකු ඉන්ධන හල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරහා පාරමාරු වීමට යාමේදී අලුත්ගම දෙසින් වැලිපැන්න දෙසට ගමන් ගත් ටිපර් රථයක ගැටී මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි.
අනතුර සිදු කළ බව කියන සැකකාර රියදුරා ද දර්ගා නගරයේ ඉන්ධන පෝලිමේ සිට රාත්‍රී ආහාර ගැනීමට අලුත්ගම නගරයට ගොස් නැවත ධර්ගා නගරය දෙසට පැමිණීමේදී පාර මාරු වූ පුද්ගලයා මෙම ටිපර් රථයෙගැටී මියගොස් ඇති බව පරීක්ෂණ සිදුකරන අලුත්ගම පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ දර්ගානගරය, පුවක් වත්ත ,අලවතුගොඩ අංක187/3 ලිපිනයේ පදිංචිව සිටි සිංගප්පුලිගේ ආනන්ද(58) නැමැති විවාහකයෙකු බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා වෙනත් අයෙකුට අයිති ලොරි රථයකට ඩීසල් ලබාගැනීම වෙනුවෙන් එදින රාත්‍රියේ එම ලොරියක් සමඟ ඉන්ධනහල් පෝලිමේ ගත කරමින් සිටියදී අලුත්ගම වැලිපැන්න දක්ශින අධිවේගී ප්‍රවේශ මාර්ගය හරහා දර්ගා නගරයේ ඉන්ධන හල ඉදිරිපිටින් පාර මාරු වීමට යාමේදී සිදුවූ අනතුරෙන් මියගොස් තිබෙන බව පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය අලුත්ගම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කළුතර නාගොඩ රෝහලට රැගෙන යාමට නියමිතය.
අනතුර සිදු කළ සැකකාර 29 හැවැරිදි ටිපර් රථ රියදුරා අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
නව රැකියා අවස්ථා උදාකරදුන් හිටපු ඇමති විමල් ඇතුළු හැමෝටම උපහාරය. අලුත් ක්‍රමය නිසා ගොඩක් ත්‍රී වීල් අයගේ ගෙවල් වල දැන් ෂෙඩ් තියනවා. පොහොට්ටුවට චන්දෙ දුන්නු අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැ. පුන්නක්කු තවම ලාබ නිසා.
වාහනය අයිතිකරුම පොලිමේ සිටිය යුතුද ? පැය 24 පුරා දින ගනන්…තම පුද්ගලික අවශ්‍යතා ඉටු කිරීමට වාහනය හිතවතුන්ට භාර දී මට සිදු වේ..
ඉතින් මොකද්ද මේකේ අවුල? මිනිස්සු මැරෙනවා තමා. ගෙදර ඉන්නකොට ගෙදරදී මැරෙනවා.දැන් වැඩියම කාලයක් ඉන්නේ පෝලිම් වල එතකොට එතනදී මැරෙනවා..
අවුල අරුන්ව මරාගෙන මැරෙන්නේ නැතිව නිකන්ම නිරපරාදේ මැරිලා යන එක.
අපි ගෝඨා මෙහෙට ඡන්දෙ දුන්නෙ පවතින ක්‍රමවේදය වෙනස් කරන්නගෝඨාභයට හොඳ කළමනාකරණය පිළිබඳව අත්දැකීමක් තියෙනවා කියලත් ඒ කාලේ ප්‍රකාශ වුණා එතුමාට තොරතුරු තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධියක් තියෙනවා ආරක්ෂක කටයුතු පිළිබඳව මූලික උපාධියක් තියෙනවා සහ ආචාර්ය උපාධියත් තියෙනවා කියලත් ප්‍රකාශ කෙරුණා සුපිරි ඉංග්‍රීසි දැනුම ගැනත් ඒ කාලේ සඳහන් කෙරුණා හැබැයි මේ එකක්වත් බාවිතයේදී නම් පේන්නේ නෑකෝ එතුමාගේ ඔය කියන දැනුම එතුමාට වැඩියෙන් සජිත් හොඳට සිංහල කතා කරනවා ඉංග්‍රීසි භාවිතා කරනවා මටනම් දැන් හිතෙනවා මෛත්‍රීපාල සිරිසේන කියපු දේ ඇත්තක්ද කියලාමොකද මෛත්‍රී කියනවනේ යුද්දයේ අවසාන සති දෙක මෙහෙව් එතුමා කියලා අනිත් අය සේරම බයේ හිටියා කියලා
Genapu A’wisa iwara wela.
මියගිය පුද්ගලයාට නිවන් සුව පතමු.. රජය ගෙදර යවමු