තෙල් පෝලිම් අවසන්… SMS ක්‍රමයක් එයි..
May 22, 2022 at 3:00 pm | lanka C news
සිපෙට්කෝ තෙල් ගබඩා සංකීර්ණයෙන් ඉන්ධන රැගත් බවුසර පිට වීමේ වේලාවන් අදාල ඉන්ධන පිරවුම්හල්වල කළමනාකරුවන් වෙත ස්වයංක්‍රීයව කෙටිපනිවිඩ මගින් දැනුම් දීම ආරම්භ කර තිබේ.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ ඒ අනුව ඉන්ධන හල් වල කළමනාකරුවන්ට තමන්ගේ තෙල් තොග ළඟාවන වෙලාව පැහැදිලිව දැනගත හැකි බවයි.
ඒ අනුව ඉන්ධන පෝලිම් වල සිටින පුද්ගලයන්ට වඩාත් නිවැරදිව එම තොරතුරු ලබා දීමේ හැකියාව ඉදිරියට ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.
තම ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.
දැනටත් ශෙඩ් එකේ මැනේජර්ට පණිවිඩේ එනවනෙ. හැබැයි එන්නෙ පැට්රෝලියම් එකෙන් බවුසරේ එළියට දැම්මාම. එතකන් මැනේජර් දන්නෙත් නෑ තෙල් එනවද නැද්ශ කියලා. දැනටමත් කරන දෙයක් මේකා බොරුවට කියවනවා. පෝළිමේ ම්නිස්සු එහෙම්මමයි. මොකද ඉස්සෙල්ලා දවසෙ දැනගන්න බෑනෙ මොන ශෙඩ් එකටද තෙල් එන්නෙ කියලා
තෙල් නැතිඋන ගමන්, ගෑස් නැතිඋන ගමන් පාරවල් වහලා, ඔක්කෝම ප්‍රවාහනය අඩපන කරලා,
හෙන ලොකු වීරකමක් වගේ, ආන්ඩුව එලවමු කියලා, ඔක්කොම පාරට බැස්සම, රටේ නිශ්පාදන සේවා නැතිවෙලා ඉක්මනටම රට බංකොලොත් වෙයි…..
ඕක නේ අපේ සහෝදරයන්ට ඕන,
සිරසයි, පෙරොට්ටොයි, සියතයි, ජෙප්පොයි එකතු වෙලා රට ස්ට්‍රයික් වලින්, උද්ඝෝෂණ වලින් අවුල් වියවුල් කරලා,
රටට කෙල උනෝ කෙලෞනෝ… කිය කිය,
අපේ ආන්ඩුවක් යටතේ විතරයි සහෝදරවරුනි, රට ගොඩගන්න පුලුවන් කියලා 69 ලක්ශෙට බැන බැන ඉදලා….
කන්න මුකුත් නැතුව පෙට්‍රල් ගේන්න ඩොලර් නැතුව බෙහෙත් නැතුව මැරෙන්න වැටුනම,
රටට සාප කර කර ඉන්න……
තේරෙන්නෙ නෑ උන්ම තමයි රට එතනට දක්කන්නෙ කියලා