තෙල් පෝලිමේ සිටි කාන්තාවගේ රන් මාලය කඩාගෙන යයි…

May 27, 2022 at 8:02 am | lanka C news
තෙල් පෝලිමේ සිටි කාන්තාවගේ රන් මාලය කඩාගෙන යයි…

තම යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෝලිමක සිටි කාන්තාවක් තම ගෙල බැඳ සිටි රත්රන් මාලයක් යතුරුපැදියකින් ආ දෙදෙනකු විසින් කඩාගෙන ගොස් ඇත.

දඹුල්ල නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක තෙල් පෝලිමේ දී රාත්‍රී කාලයේ මෙම සිදුවීම සිදුව ඇතැයි දඹුල්ල පොලිසිය කියා සිටියි.

දඹුල්ල ප්‍රදේශයේ පනස් හැවිරිදි කාන්තාවක් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.

අදාල රන්මාල රුපියල් ලක්ෂ පහමාරක් පමණ වටිනා එකක් බවද පැමිණිලිකාරිය කියා තිබේ.

16,193 views

5 Comments to “තෙල් පෝලිමේ සිටි කාන්තාවගේ රන් මාලය කඩාගෙන යයි…”

  1. බයිසන් says:

    තෙල් පෝලිමත් වැදගත් උත්සවයක් වෙලා.

  2. නාඬං කළු says:

    හැබැයි ඉතිං මාලෙ දාපු එකෙං බලාපොරොත්තු වෙච්ච දේ නං ඉහටත් උඩිං ම ලැබිල තියෙනව , මදියි නොකියන්න . ඇයි ඉතිං ඕක දාන්නෙ දකින දකින එක්කෙනාට පේන්නනෙ , දැං ඉතිං නොදැක්ක අයටත් දැක්ක වගේ පණිවිඩේ ලැබුන නේ භාණ්ඩෙ වටිනාකමත් එක්කම . ඕක කරේ විතරක් තිබ්බ නං අපි කොහොමෙයි දන්නෙ , ඒ නෝනා මහත්තයට ඔයි වගේ වටිනා මාලයක් තියෙන , තිබුන බව .

    ඉතිං සතුටුයි ද දැං !

  3. මිල්රෝයි වෙන්නප්පුව says:

    අනේ හොඳයි. කට කැඩෙනකල් හැම මාධ්‍යකම කියනවා රත්රන් මාල දාගෙන මේ දවස්වල පාරෙ යන්න එපා කියලා. මේ වාහෙලා පෙට්‍රල් ගහන්නත් ලක්ෂ ගණන් වටින මා⁣ල දාගෙන යනවා. පිස්සු මගුල්වලට මෙහෙම වෙලා මදි.

  4. Balana Rala says:

    Mona Gon ganiyekda Laksha pahak watina Gold Chain ekak dagena Maha rata thel polime inne.
    Boru kiyanakota tikak kalpanakarala balahalla mewa balana anith un harak nemei kiyala. 😠

  5. dehiwala Kolla says:

    ලක්‍ෂ 5 ක මාලයක් දාගෙන බයික් එකේ ගියේ මොකද? කාර් එකේ යන්න නෝනා.

Main News