තෙල් මිල අඩුවෙතැයි බියෙන් පිරවුම්හල් තෙල් ගබඩා හිස් කරලා.. තෙල් හිගයට හේතුව එයයි..

November 5, 2017 at 8:40 am | lanka C news
තෙල් මිල අඩුවෙතැයි බියෙන් පිරවුම්හල් තෙල් ගබඩා හිස් කරලා.. තෙල් හිගයට හේතුව එයයි..

ඉන්ධන හිගයට පිරවුම්හල් වගකිව යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මේ වන විට ඇති වී තිබෙන ඉන්ධන හිගය සදහා ඉන්ධන පිරවුම්හල් හිමියන් සෘජුව වගකිව යුතු බව අප සංවිධානයේ අදහසයි. පෙට්‍රෙල් හා ඩීසල් මිල අඩු වේයැයි යන බියෙන් ඉන්ධනහල් හිමියන් විසින් නියමිත ඉන්ධන තොග ගබඩා නොකරන අතර නියමිත පරිදි ඉන්ධන තොග ඉල්ලුම් නොකිරීම නිසා මෙම ඉන්ධන හිගය ඇති වී ඇති අතර මෙම නිසා පාරිභෝගිකයින් විශාල ලෙස පීඩාවට පත්ව ඇත.

නියමිත සේවා පවත්වාගෙනයාමට කටයුතු නොකරන රටපුරා ඇති ඉන්ධන හල් හදුනාගෙන එම ඉන්ධනහල් හිමියන්ට දඩුවම් කරන ලෙස  ඛණිජ තෙල් විෂයභාර අමාත්‍යවරයාගෙන්  අප ඉල්ලා සිටිමු.

මෙම ඉන්ධන හිගය මවා පෑමෙන් සමහර පාර්ශව බලාපොරොත්තුවන්නේ පසුගිය දිනවල අයි. ඕ. සී. සමාගම ගෙන්වූ   ප්‍රමිතියෙන් තොර බාල තෙල් නැව නිදහස් කර ගැනීම වන බවද අප අවධරණය කරමු.

රංජිත් විතානගේ
සභාපති

81 views

3 Comments to “තෙල් මිල අඩුවෙතැයි බියෙන් පිරවුම්හල් තෙල් ගබඩා හිස් කරලා.. තෙල් හිගයට හේතුව එයයි..”

  1. Niru says:

    The only country in the world without sufficient stocks of fuel to last couple of days even. Looks like CPC is showing the money saved by not holding stocks as their profits. They would have used this money to buy votes at the election in January if they s mishap did not happen. The two brothers running the CPC are clueless. There is no government in the country now!!

  2. shantha kuru says:

    like somalia –

  3. Aramanis says:

    Oya Habar Eke Naw Gilapu Dabla Pannwoth ….Yahapalanae Thel Hingawalin Goda

Main News