තෙල් මිල වැඩිකිරීම වැරදියි.. බැසිල් ඇවිත් තෙල් මිල අඩු කරන තෙක් රටම බලාගෙන..- පොහොට්ටු මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර

June 19, 2021 at 6:22 am | lanka C news
තෙල් මිල වැඩිකිරීම වැරදියි.. බැසිල් ඇවිත් තෙල් මිල අඩු කරන තෙක් රටම බලාගෙන..- පොහොට්ටු මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර

බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ නිර්මාණය කළා පමණක් නොව රටේ දැවැන්ත සංවර්ධන කටයුතු වල පිටුපස සිටි දැවන්ත චරිතයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

එහෙයින් ඉන්ධන මිළ වැඩි වීම සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතා රට තුළ සිටියා නම් ඒ සම්බන්දව දෙවරක් සිතා බැලීමට අවස්ථාව දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති බවද ඔහු පැවැසීය.

උඩුනුවර ආසනයේ කෝවිඩ් කමිටු රැස්වීම සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙන තුරු ජනතාව බොහෝ අපේක්ෂාවෙන් සිටින බවත් ඉන්ධන මිල අඩු කිරීමත් එම අපේක්ෂාවලින් එකක් බවද මහාචාර්‍යවරයා පැවැසිය.

“මේ අවස්ථාවේ තෙල් මිල වැඩි කිරිම සුදුසුයි කියා විස්වාස කරන්නේ නෑ. අපේ පක්ෂයේ මහත මහලේකම් විසින් ප්‍රකාශඹ කර තිබෙනවා. පක්ෂයක් ලෙස තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව අපේ කනස්සල්ල ඉදිරිපත් කරනවා.

විපක්ෂය මිට ඉහතදි දෝෂාභියෝග කිහිපයක්ම ගෙන ආවා. ඒ අය උත්සහ ගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන මිත්‍ර පක්ෂ හා නායකයින් අතර ගැටුමක් ඇති කිරිමටයි. නමුත් අප පක්ෂයක් ලෙස ගන්නා තීන්දු තිරණ සමග ඉන්නවා. දෝෂාභියෝගය සම්බන්ධව පක්ෂය අපිව දැනුවත් කළ පසු කුමන තීන්දුවක් ගන්නවාද නැද්ද යන්න ඉන් පසු තිරණය කරනවා”

– ADA

37,574 views

32 Comments to “තෙල් මිල වැඩිකිරීම වැරදියි.. බැසිල් ඇවිත් තෙල් මිල අඩු කරන තෙක් රටම බලාගෙන..- පොහොට්ටු මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර”

  1. yakaaa says:

    මුට මහාචාර්ය පට්ටම දුන්න එකට ගහන්න ඕනා බූ වල්ලකින්. යකෝ මහාචාර්ය කියන්නේ university position එකක්. university එකෙන් අයින් උනාට පස්සේ භාවිතා කරන්න බෑ unless he is a professor emeritus.. මු කියන බූරු කතා අනුව මු නම් මර්වින් සිල්වා ආචාර්ය උනා වගේ වෙච්ච එකෙක්.
    යකා

    • 21st සියවසේ සහතික ලාබී, වාද පොර කුකුල් රහතා says:

      අඩෝ, අඩෝ තොපි මොනාද දන්නේ , මම modern රහතෙක්, කුමන්දාවේ සමන් බඩුව.
      ලෝකේ එකම රහතා, කුකුල් මස්, ගොනා මස් , දඩ මස් , කපියව්කෝ හරියට. ඕනෑම දෙයක් බිව්වහම මොකද අවබෝද කරගෙනනම් ඉන්නේ

      මාර රහතෙක් අඩෝ මම

    • Nawodhi says:

      Person who gave fake prof. position for this man is now key man in the Central Bank.

  2. ගන්ජ බන්ඩා says:

    බැසිල් ගෙ මැජික් වෑන්ඩ් එකෙන් රටේ ආර්ථිකය ගොඩ දමල තෙල් මිල බස්සනකන් මහාචාරියා හිත හදා ගෙන වගෙය්.

    • සිරා හිටං says:

      බැසිලිකාව පොහොට්ටුව හදන්න කල බම්බුවක් නැහැ. විමල්ලා මහින්ද සුළඟ හදල ඒක සුලි සුළගක් කලහම ඒ ව්‍යාපාරයට පොහොට්ටුව කියල නමත් දීල පත්වීම් දීපු එක තමය් කලේ

  3. harsha says:

    තට්ට මහාචාරියාගේ පම්පෝරිය විතරයි.

  4. Fernando says:

    බැසිල් මේ වගේ කුලී ලියන්නෝ කීප දෙනෙක් තියන් ඉන්නවා, සැප දීලා, බැසිල් වෙනුවෙන් ලියන්න, එක්කෙනෙක් රංජිත් බණ්ඩාර, ජගත්, මහින්ද පතිරණ, ඉස්සර හිටියා දම්ම දිසානායක, ඔය සාගර මුන් තමයි ආණ්ඩුවට කෙල වන්නේ. මුන්ගේ එකම රාජකාරිය බැසිල් පින්බිම.

  5. කොටියා හැබෑවටම ආ දවසට එලූ පට්ටියේ ඉවරයි.... says:

    මූට හරක් මසට හොදයි. ගියාම දමන්නත්…ආවම උලන්නම්…..නැවතූනාම කොරන්ණම්….මොනවද මේ කථා. අද කොහොමද රට රැකගන්නේ කියල හිතපන් මොට්ටලයෝ. බඩ නෙවෙයි.

  6. දාරබයියා says:

    ආර්ථික විද්‍යා අචාර්යවරයෙක් හරියට ඉස්කෝලෙවත් ගිය නැති එකෙක් ඇවිල්ලා තෙල් මිල පාලනය කරනකන්අ බලන්රු ඉන්න අරුම පුදුම රටක් මේක……

  7. wimal is great. .. says:

    Country need new leadership. ,,!

    Wimal is the best…!