තෙල් මිල වැඩි කිරීම රටට හොදයි.. පරිසර දුෂණය අඩුවෙනවා..- මුදල් රාජ්‍ය ඇමති

May 11, 2018 at 3:50 pm | lanka C news
තෙල් මිල වැඩි කිරීම රටට හොදයි.. පරිසර දුෂණය අඩුවෙනවා..- මුදල් රාජ්‍ය ඇමති

ඉන්ධන මිල ඉහල දැමීම පරිසර දුෂණය අවම කිරීම අර්ථයෙන් යහපත් බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

පොසිල ඉන්ධන මිල වැඩි කිරීමෙන් පරිසර දුෂණය අඩු කර ගත හැකි මෙන්ම විකල්ප බල ශක්තීන් කෙරෙහි ජනතාව යොමුවන බවත් ඔහු පෙන්වා දෙයි.

සූර්ය බලය හා සුලං බලයෙන් වැඩි වශයෙන් බලශක්තිය නිපදවීම රජයේ අරමුණ යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

මුදල් අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

194 views
Main News