තෙල් මිල සුත‍්‍රය මං දන්නේ නෑ.. ඒත් මගේ බිරිද දන්නවා.. සූත‍්‍රය ඒ තරම්ම සරලයි..

October 5, 2018 at 3:00 pm | lanka C news
තෙල් මිල සුත‍්‍රය මං දන්නේ නෑ.. ඒත් මගේ බිරිද දන්නවා.. සූත‍්‍රය ඒ තරම්ම සරලයි..

ඉන්ධන මිල සුත‍්‍රය තමන් නොදන්නවා වුවත් තම බිරිද දන්නා බව ඇමති දයා ගමගේ මහතා පවසයි.

තම බිරිද ඛණිජ තෙල් සම්පත් නියෝජ්‍ය ඇමතිවරිය ලෙස එම මිල සුත‍්‍රය දන්නා බවද ඔහු සදහන් කලේය.

අදාල මිල සුත‍්‍රය කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කර අනුමත කරගත් බවත් එය ඉතා සරල සූත‍්‍රයක් බවත් ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනයේ ‘බලය’ වැඩසටහනට එක්වෙමිනි.

එතරම් සරල තෙල් මිල සූත‍්‍රය මුළු වැඩසටහන පුරාම ඇමතිවරයා ඉදිරිපත් කලේ නැත.

දයා ගමගේ ගේ නෝනා දන්න දයා ගමගේ නොදන්න සූත්‍රය

දයා ගමගේ ගේ නෝනා දන්න දයා ගමගේ නොදන්න සූත්‍රය

Gepostet von Hiru TV Balaya am Donnerstag, 4. Oktober 2018

151 views
Main News