තෙල් වර්ජනය දරුණු වෙයි.. බලාගාරවලට තෙල් නෑ.. රට පුරා විදුලිය කපයි..
July 26, 2017 at 3:50 pm | lanka C news
තෙල් සේවක වැඩ වර්ජනය නිසා විදුල් උත්පාදනය සදහා ඉන්ධන නොමැති වීමෙන් පැයක කාලයක් විදුලිය කපා හැරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටී.
කෙරවලපිටිය හා ඇඹිලිපිටිය තාප විදුලි බලාගාරවල විදුලි නිෂ්පාදනය මේ වන විට මුළුමනින්ම ඇණහිට තිබෙන බවත් මේ නිසා පද්ධතියේ සමබරතාවය රැක ගැනීමට විදුලි කප්පාදුවක් සිදු කිරීම අත්‍යවශ්‍ය බවද සදහන්ය.
අද දිය නිම වන්නට පෙර ඉක්ධන නොපැබුනහොත් රට පුරා සියළු ඞීසල් බලාගාර නවතා දැමීමට සිදුවනු ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
මේ තත්වය යටතේ විදුලිය වැඩි වශයෙන් භාවිත වන කාල සීමාවේදී විදුලිය පැයක කාලයක් සිදලීමට දන්වා ඇති බවද වාර්තා වෙයි.