තෙල්, වරාය, විදුලි සේවකයන් නිකං ඉදං ලක්‍ෂයකට වැඩි පඩි ගන්නවා… බෝනස් තුනක් දෙනවා.. ඒවා විකුණා දැමිය යුතුයි..

August 10, 2022 at 3:00 pm | lanka C news
තෙල්, වරාය, විදුලි සේවකයන් නිකං ඉදං ලක්‍ෂයකට වැඩි පඩි ගන්නවා… බෝනස් තුනක් දෙනවා.. ඒවා විකුණා දැමිය යුතුයි..

තෙල් සංස්ථාව ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතන විසින් වසරකට බෝනස් දීමනා තුනක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

ඉන්ධන ගෑස් නැතිවීස ජනතාවගේ වරදක් නොව ආණ්ඩුවේ වරදක් බව ද හෙතෙම පැවසීය.

තෙල් සංස්ථාව, වරාය, විදුබල මණ්ඩලය වැනි ආයතන වල සේවකයන් නිකං සිට රුපියල් ලක්ෂය ඉක්මවූ මාසික වැටුප් ලබන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීම වඩා යෝග්‍ය බව ද හෙතෙම කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

16,417 views

26 Comments to “තෙල්, වරාය, විදුලි සේවකයන් නිකං ඉදං ලක්‍ෂයකට වැඩි පඩි ගන්නවා… බෝනස් තුනක් දෙනවා.. ඒවා විකුණා දැමිය යුතුයි..”

  1. Tona says:

    මැදැයි කාලාන්තරේකට පස්සෙ පලක් ඇති දෙයක් කිව්ව.

  2. Lalla says:

    පින්පඩිකාරයින් රට කනවා.වෘත්තීය සමිතිවලට ආයතනවල පාලනයට අත දාන්න දෙන්න එපා.

  3. Elmo Perera says:

    100% CORRECT.SHOULD BE SOLD BY PUBLIC TENDER IMMEDIATELY. IF THE SALE PROCESS IS DISRUPTED BY EMPLOYEES ARMED FORCES MUST BE DETAILED TO RUN THESE INSTITUTIONS [WHICH ARE DRAINING THE BLOOD OF OUR NATION] DURING THE INTERIM PERIOD TILL THE INSTITUTIONS ARE SOLD

  4. NuwanJ says:

    ඉක්මනට කරන මගුලක් කරපල්ල අපිට උන්ගෙ බොනස්වලටයි ආදායම් බදුවලටයි ගෙවන්න බැ
    මෙහෙම කපු එවුන් තමයි සිස්ටම් චෙන්ජ් කරන්න අපිට අඩගහන්නෙ නොදකින්..

  5. ලංකාවේ හිගන ඇමතිලා says:

    ඇමතිල දාපු පත්වීමි තමා මේ වැඩිමනත්ම. ඇමතිලත් කරන්නෙ ඡන්දෙ ලන් වෙනකොට ගුණ්ඩු දීල පාර්ලිමේන්තුවට රිංගලා ජනතා ප්‍රශ්න කථා නොකර නිකං කූල් වෙලා තම තමුන්ට තියෙන දේවල් බෙදාගන්නවා. අපි නොදන්න දේශපාළුවො..!. හිගන පවුල්වලින් ඇවිත් දවසට දෙකට කොමිස්වලින් පෝසත් වෙන්නෙ. හොද වැඩේ මුන්ව ලොකු කඩේ ගිහින් රස්සාව ගත්ත අවස්ථාවාදීන්ට..ඉදිරියට ඔක්කොම වැඩ බැරි නිපුණතාවය නැති හැමෝටම කෙළවෙයි. දැන් ඉතින් නූල් සූත්තර කරලා සල්ලි හොයන එක ලේසි නෑ.

  6. JR says:

    ණයටයි හෝ ඩොලර් වලටයි ගේන තෙල් ටික අලෙවි කරන තෙල් සංස්ථා සෙවකයන් හැමදාම ඉහලම වැටුප් ලබන්නෙ කොහොමද? ඔවුන්ට ගෙවන්නෙ මුලු රටම ණය වෙලා නේද? තෙල් සංස්ථාව රටේ මුදල් වැය කරනවා මිස රටට ආදායමක් එන තැනක් නෙමෙයි නේද? එහෙනං රට බංකොලොත් කලේ තෙල් සංස්ථාව වලෙ රාජ්‍ය ආයතන වලින් නේද.? විදුලිබල මණ්ඩලයත් රටට හෙනයක් වෙලා වැඩවර්ජන අරකමේක කරකර හැම දේටම අකුල් හෙලනවා… මෙවයෙ පිංපඩි කන එවුන් ඔය රැකියාවලට යන්නෙත් පන්දම් වලටයි. අන්තිමට විශ්‍රාම ගිහිනුත් ජනතාවටම බරක් වෙලා රට අගාධයට යවනවා… මේ වගෙ ආයතන තියනකං රට ගොඩ යයිද? රටට හෙනයක් වෙලා තියන මේවා විසඳුවොත් ආර්ථිකය ඉබේම නගිනවා..

Main News