තෙල් සංස්ථාව කොටස් 05කට කඩා පුද්ගලීකරණය කිරීමේ සැලසුමක්..? පනත බදාදා පාර්ලිමේන්තුවට..?

October 4, 2021 at 3:50 pm | lanka C news
තෙල් සංස්ථාව කොටස් 05කට කඩා පුද්ගලීකරණය කිරීමේ සැලසුමක්..? පනත බදාදා පාර්ලිමේන්තුවට..?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කොටස් පහකට වෙන් කර පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට තොරතුරු ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

එම කටයුත්තේ පළමු පියවර ලෙස ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පෞද්ගලීකරණය කිරීමට කටයුතු කරන බව ද ඒ සදහා ඉන්දීය රජය පිරිසක් තෙල් සංස්ථාවේ නිලධාරීන් මෙන්ම දේශපාලනඥයින් එම තෙල් ටැංකි නිරීක්ෂණයට ගොස් ඇති බවත් ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

බදාදා දිනයේ පාර්ලිමේන්තුවට තෙල් සංස්ථාව සම්බන්ධයෙන් පනතක් ගෙන එන බවත් එහි අරමුණ තෙල් පිරිපහදුව සහ තෙල් සංස්ථාව විකුණා දැමීම බවත් මන්ත‍්‍රීවරයා තවදුරටත් පැවසීය.

20,212 views

7 Comments to “තෙල් සංස්ථාව කොටස් 05කට කඩා පුද්ගලීකරණය කිරීමේ සැලසුමක්..? පනත බදාදා පාර්ලිමේන්තුවට..?”

  1. සකු says:

    රටේ විපක්ෂ නායක තමන්ගේ තෙන තියාගන්න පාට්ලි චම්පික එක්ක හීන් නූල් ගේම් ගහනව
    කුහක ජෙප්පො අනුර සහොදරය ප්‍රොමෝට් කර කර රටට කෙලවෙනකම් බලන් ඉන්න ව

    මේ රටේ හරි හමන් විපක්ෂ යක් නෙති කම තමා

    • පැන්ඩෝරා පේපර්ස් says:

      ඔව් ඇත්ත , ලක්ශ 69 කුත් අරන් , තුනෙන් දෙකත් අරන් ,20 න් අතිශය ප්‍රභල විධායක බලයත් ආරොපනය කරගෙන , මේ ලබ්බේ ව්පස්සේ මොන කෙහෙල්මලක් කරනවද මන්දා නේද මතං ?

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    විපස්සේ පහකට කැඩෙනවා කියලා ඩීලීට් , මෑන්ස්ගේ චැනල් වලින් මාර්කට් කරේ , තෙල් සංස්ථාව පහකට කැඩෙනවා කියලා කියන්න්ද ? ද පක්, ඩේ ජා වූ. !

  3. 3% ට බය බයියා. says:

    ලක් මාතාවගේ ඇස්,මස්,ලේ ව්කුනන් කන පොහොට්ටුවේ කට්ටිය ට ජයවේවා ! ඒවා දිහා 69 ලක්ෂය කිරිබත් කති..

    • 3% විකඩයො says:

      අඩො 3%, ඔය තෙල් ටැන්කි 101 උබලගෙ රනිල් හාමු ඉන්න කාලෙ ඉන්දියාවට දිලා ඉවරයි. දැන් උන්ගෙ විදෙස ඇමති නෙමෙයි අගමැති ඇවිත් තෙල් ටැන්කි බැලුවත් කරන්න දෙයක් නැ. බොරු නම් අනුර අයියගෙන් අහපන්

      • 3% ට බය බයියා. says:

        ඒවා නැවතත් ලංකාවට පවරාගත හැහැක්කේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  4. Susantha says:

    ටේ සම්පතක් පුද්ගලික කරණය කරන එක වේදනාකාරී දෙයක් තමයි, නමුත් පොහොට්ටුවේ නූගත් පිරිසගෙන් පුරවලා තියෙන සේවකයෝ හා බොරු කාර ගම්මන්පිල මේ ආයතනයට කරන විනාශය ජනතාවට පැහැදිලිව දන්නවනම් මුන් සියල්ලම දුටු තැන මරල දානවා, වචනවලින් පැහැදිලි කරන්න බැරි තරම් විනාසයක් OL වත් සමත් නැති සේවකයෝ කරන්නෙ. ඒ නිසා හැකි ඉක්මනින් මේක විකුනා දමන එක හොඳයි, නැත්නම් ජනතාව මේකටත් ගෙවන්නෙ

Main News