තෙල් සම්පත සොයා ගත්තොත් රටේම ආර්ථිකය අලූත් දිශාවකට..

June 14, 2017 at 8:03 am | lanka C news
තෙල් සම්පත සොයා ගත්තොත් රටේම ආර්ථිකය අලූත් දිශාවකට..

ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස උපාලි මාරසිංහ මහතා සුබ මොහොතින් වැඩ භාර ගනී. ඒ විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවති උත්සවයකදීය. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහුද සම්භාවනීය අමුත්තෝද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීයකු වූ උපාලි මාරසිංහ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකි. රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශ්‍රාස්තිපති උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ලබා ගන්නා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥරයකුද වේ. අධ්‍යපන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළුව අමාත්‍යාංශ ගණනාවක ලේකම්ධුර සහ විවිධ උසස් තනතුරු දැරූ උපාලි මාරසිංහ මහතා රසායනික විද්‍යාව සහ ඵලදායිතාව පිළිබඳ පර්යේෂණාත්මක කෘති රැසක් රචනා කර තිබේ.

2011 වසරේදී ඵලදායිතාව පිළිබඳ ආසියානු සංවිධානයේ ඵලදායිතා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමටද ඒ මහතා සමත් විය. අමාත්‍යාංශයේ ලේකම් ලෙස වැඩභාර ගැනීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ දිවා රෑ නොබලා වෙහසී වී තම වගකීම් ඉටු කරන පරිපාලන විෂය ගැන පුළුල් දැනුමක් ඇති පුද්ගලයකු තම අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් වීම ගැන සතුටට පත් වන බවයි. හොරකම සහ දූෂණය පිටුදැක සිය අමාත්‍යාංශය මේ රටේ ප්‍ර‍මුඛ අමාත්‍යාංශයක් බවට පත් කිරීමේ තම දැක්ම ඉටු කිරීමට උපාලි මාරසිංහ මහතාගෙන් අනගි සහායක් අපේක්ෂා කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

“ඛනිජ තෙල් අමාත්‍යාංශය කියන්නේ මේ රටේ වැදගත්ම අමාත්‍යාංශයක්. ඉදිරියේදී ඉන්ධන සම්පත අපට සොයා ගැනීමට හැකි වුණොත් එය අපේ අමාත්‍යාංශය රටට දෙන වැදගත්ම දෙය වනවා. එයින්ම අපිට අපේ ආර්ථිකය වෙනත් දිශාවකට යොමු කරන්න පුළුවන් වේවි. එමෙන්ම අපේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන දියුණුකර ලාභ ලබන තත්ත්වයකට පත් කර රටේ සම්පත් ආරක්ෂා කරන තැනකට අපි යොමු විය යුතුයි. ඒ සඳහා අද ලේකම් ධුරයේ වැඩ භාරගත් උපාලි මාරසිංහ මහතා ප්‍ර‍මුඛ අවධානය යොමු කරනු ඇතැයිද මම විශ්වාස කරනවා…” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– තමීර මංජු

6 views

4 Comments to “තෙල් සම්පත සොයා ගත්තොත් රටේම ආර්ථිකය අලූත් දිශාවකට..”

  1. Alapaluwa says:

    ඔවු ඔවු එකනම් අපිට බොහොම හොඳට පෙනේනවා,රටේ ආර්ථිකය වෙනත් මගකට කෙසේවෙතත් අර දේශපාලන කම්බ හොරුන්ගෙනම් පොකට්වලට අලුත් ආර්ථික මාර්ගයක් අන්වර්යේන්ම හැදේවි.අනේ දෙවියනේ මේ වල් හොරු බුරු හැත්ත ඉන්නකම් ඔය තිබෙන තියනවා කියන තෙල් සම්පත් හැන්ගේවා !!!

  2. Niru says:

    We all know that donkey. Only the politicians do know it. So when you go and tell them you are rewarded with a big post.

  3. Dickie Bird says:

    Arjunayo…………. hondata angilla gahala balapan hathara wate …. thel sampath hamuweyi.
    Thel nam waraya amanthyansayen nam hamu wenna nathuwa athi..

    Oheth hodata balahang.

    Wenath maga kese wethath……. Economy eka nam athara maga.

  4. බන්ඩා says:

    නය්ජිරියාවේ තෙල් හොයා ගෙන දැන් අවුරැදු ගනනාවකක් වෙනවා. නයිජිරියාවෙ අාර්තිකය හරි ගියාද? නැහැ. යහපාලන තක්කඩි ටික බොන්ඩ් මගඩියෙන් ලංකාවෙ මහ බැංකුව කොල්ල කෑව වගේ නය්ජිරියාවේ තෙල් සම්පතත් ඒරට දේසපාලුවො කොල්ල කෑවා

Main News