තෙල් සේවකයන්ට පහර දුන් කොළොන්නාවේ මැර කල්ලි වහා අත්අඩංගුවට ගනු..- නිදහස් සේවක සංගමය
July 29, 2017 at 5:30 pm | lanka C news
අරගලයට විසඳුම් ලබානොදී එජාප මැර කල්ලි යොදවා පහරදී බියගන්වා පළවාහැරීමට ක්‍රියාකිරීම තරයේ හෙළා දකින අතර ඊට සම්බන්ධ මැරයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස රජයට පවසන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරී, නිදහස් සේවක සංගම් ශාඛාවේ සභාපති කැළුම් කොඩිතුවක්කු මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් විමසා සිටින්නේ යහපාලන රජය යටතේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මර්දනය කිරීමට යුධ හමුදා, පොලිස් බලය යෙදවීම කොතෙක් දුරට සාධාරණද යන්නයි.
ජාත්‍යන්තරවද රට අපකීර්තියට පත්වන ආකාරයෙන් කම්කරු පන්තිය පාගා දැමීමට මැර කල්ලි මෙහෙය වන නොමේරූ දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධ රජය කෙසේ ක්‍රියාකරන්නේද යන්න පිළිබඳ සමස්ථ වෘත්තීය සමිති ව්‍යාපාරයම අවධානයෙන් සිටින බවද ඔහු පවසයි.
– සමීර