තෙල් සේවකයින්ට පොලීසිය හා මැරයින් එක්ව බිත්තියට හේතු කර පහර දෙයි.. තෙල් සටන නට්ටං..
July 26, 2017 at 6:41 pm | lanka C news
පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ඛණිජ තෙල් වෘත්තීය සමිති නායකයින් හා සාමාජිකයින්ට පොලීසිය හා මැරයින් එක්ව දැඩිව පහර දුන් බව ඔවුන් කියා සිටිති. ඩෙංගු උන සෑදී සිටි තමනට පහර දුන් බවත්, තමනගේ අතේ ඇගිලි ඇට කැඩී ඇති බවත් සේවකයෝ කියති.
අත්අඩංගුවට ගත් පිරිස බැලීම සදහා වැලිකඩ පොලීසියට පැමිණි ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ඔවුන් මෙම අදහස් පල කලේය.
මේ අතර කොලොන්නාව තෙල් ගබඩාවෙන් අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් සේවය ලබා දීමට වෘත්තීය සමිති එකග වී ඇත.
රජය පවසන්නේ මේ වන විට සේවකයින් රාජකාරියට වාර්තා කර ඇති බවත් අද රාත්රියේදී තෙල් සැපයුම යථා තත්වයට පත්වනු ඇති බවත්ය.
ත්‍රිකුණාමල හා හම්බන්තොට වරාය තෙල් ගබඩා සංස්ථාවට පැවරීම, සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන ලදී.
good governess