තෙල් සේවකයින් අඛණ්ඩ වර්ජනයේ.. රට පුරා ඉන්ධනහල්වල මහ පෝලිම්.. ගුටි කෙලිත් යයි…
April 24, 2017 at 8:40 am | lanka C news
ත්‍රිකුණාමලය තෙල් ටැංකු සංකීර්ණය ඉන්දියාවට ලබා දීමට විරෝධය පල කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමතුව විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර තිබේ.
සංස්ථාවේ සම්පත් විකිණීම නවතා දමන තුරු මෙම අඛණ්ඩ වැඩ වර්ජනය අත් නොහරින බව ඔවුන් කියා සිටිති.
වැඩ වර්ජනය හේතුවෙන් දැනටමත් රට පුරා ඉන්ධනහල්වට කිලෝ මීටර ගනන් ඉතා දිගු වාහන පෝලිම් දක්නට ලැබේ. සමහර ඉන්ධන හල් අසල ගැටුම්ද වාර්තා වෙයි.