තෙවරප්පෙරුමට පොට පැටලේ.. පෙර පුහුණුවකට කඩා පැන යකා නටයි..

May 26, 2018 at 8:40 am | lanka C news
තෙවරප්පෙරුමට පොට පැටලේ.. පෙර පුහුණුවකට කඩා පැන යකා නටයි..

ඊයේ දිනයේ ගලේවෙල රෝහල පරිශ‍්‍රයේ පොලීසිය හා ආපදා කළමනාකරණ ඒකකය එක්ව සිදුකල පෙරපුහුණු වැඩසටහනකට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා දැඩි ලෙස බාදා කලේය.

නියෝජ්‍ය ඇමතිවරයා මෙය පෙර පහුණුවක් යයි නොදැන කණ්ඩායමඛ් සමගින් එම ස්ථානයට ගොස් රෝගීන් රෝහල්ගත කරද්දී මෙය පෙර පුහුණුවීමක් යයි දැන ගත් පසු ඉවත්ව ගොස් ඇත.

පසුව වෛද්‍යවරුන්ට, සේවක සේවිකාවන්ට, පොලීසියට බැණ වදිනින් තර්ජනය කර සදහන් කර ඇත්තේ පෙරපුහුණුව නවතා දමන ලෙසයි.

ආපදා කලමණාකරන ඇමති දුමින්ද දිසානායක මහතාටද ඔහු බැණ වැදුනේය.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම්වරයා සදහන් කරන්නේ නියෝජ්‍ය ඇමතිවරයා කිසිම සොයා බැගීමකින් තොරව පෙරහුරු වැඩපිළිවෙළට කඩා පැන එය අසාරථක කල බවයි.

21 views