තෙවරප්පෙරුම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙයි…?
July 7, 2020 at 5:30 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා තම මැතිවරණ අපේක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසයි.
අද කළුතර පොලිස් අධිකාරි කාර්යාලය අසලදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
මියගිය තම පුතනුවන්ගේ දානමය පිංකම වෙනුවෙන් සවිකර තිබු පුවරුවක් ඉවත් කිරීමට පැමිණි මතුගම පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් තම බිරිඳව තල්ලු කිරීම නිසා ඇය මේ වන විට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ,ඒ පිළිබඳව කළුතර කොට්ඨාශ බාර පොලිස් අධිකාරී වරයාට පැමිණි කිරීමට පැමිණි බවත් පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.
මෙම මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව තමන්ට දිගින් දිගටම පොලිස් නිලධාරීන් ගෙන් හිරිහැර සිදුවන බවත් තම බිරිඳ සහ පුතනුවන් එම හිරිහැර නිසා පීඩාවට පත්ව සිටින බවත් මේ සියලු හිරිහැර සිදුවන්නේ තමා දේශපාලනයේ නිරතවීම හේතුවෙන් බවත් එම නිසා ඔවුන්ගේ ජීවිත වල වටිනා කම තේරුම් ගනිමින් තමන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වීමට තීරණය කල බවත් දේශපාලනයෙන් ඉවත්වී දරුවා සහ බිරිඳ බලාගෙන ජීවත් වන බවද පැවසීය.
මේ පිළිබඳව සහකාර මැතිවරණ කොමසාරිස් වරයා හමුවී සාකච්චා කරන බවත් ,තමාට කිසි දිනක එක්සත් ජාතික පක්ෂය සමග ගැටලුවක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ බවත් තමන්ට සිදුවන මේ ගැහැට වලට හේතුව සමගි ජන බල වේගය යැයි තමන්ට සිතෙන බවත් අද උදැසන තමන් එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා හමුවූ බවද මෙම තීරණය ඒ අනුව ගත් බවද තමාට එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රම සිංහ මහතා පිළිබඳව කිසිම කල කිරීමක් නිසා මෙම තීරණය නොගත් බවද වැඩිදුරටත් පැවසීය.
තම පුතුගේ දානමය පිංකම වෙනුවෙන් සවිකර තිබු පුවරුවක් ඉවත් කිරීමට 06 වනදා රාත්‍රියේ පැමිණි මතුගම පොලිසියේ නිලධාරීන්ගේ තල්ලු කිරීමට ලක්ව තම බිරිඳ නාගොඩ රෝහලේ අංක 02 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් එම සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීමට කළුතර පොලිස් අධිකාරී වරයා වෙත පැමිණ පැමිණිල්ලක් දැමු බවද වැඩිදුරටත් පැවසීය.
– ada
කොරෝනාවලින් වලකින්න බ්ලැක් ලේබල්වලින් උගුර හෝදන්න කියල කව්ද කිව්වෙ?තුන් පාරක් පෙරපුව කියන්නෙ තෙවරප්පෙරුම.
ඉතිං ලඟම තියෙන කොස් ගහේ බෙල්ලේ වැල දාගෙන ඔය සමගි ජන බල වේගය බය කරන්න තිබුනනේ ?
අනේ අපි නොදන්න තෙවරප්පෙරුම.ඕවා අර මොන්ටිසෝරි යන පොඩි දූ දරුවන්වත් අහන ඵකක් නැහැ.මළමිනිය පෙන්නලා ඡන්දය ඉල්ලනවා මදිවට දානේ පෙන්නලාත් ඡන්දය ඉල්ලා හිඟා කන්න හදනවා.
Tewarak peruma should be in parliament
එම බෝර්ඩ් එක ඉවත් කිරීමට හේතුවිය හැක්කේ අනිකක් නොව තමාගේ මනාප අංකය ලොකුවට මුද්‍රණය කර එම අංකය ඇතුලේ දානයට අදාල විස්තර ඇතුලත් කර තිබීමය. දානමය දැන්වීම මුවාවෙන් එම දැන්වීම සමග සිය මනාප අංකය මුද්‍රණය කිරීම මැතිවරණ නීති උල්ලංගනයක් ලෙස සලකා පොලිසිය මෙයට මැදිහත් වී තිබීම මෙම අර්බුදයට හේතු සාධක ලෙස සැලකිය හැකිය.
එමනිසා තමා ඇත වරදක් ඇතත් එය සඟවා අනිකක් මතු කිරීම වංචාවකි. එයට හැගීම් බරව ප්‍රතිකියා නොකොට තම වරද නිවැරදි කොට නීතියට ගරු කරමින්
ක්‍රියා කිරීම අපක්ෂකයන්ගේ යුතු කමකි.
meya dan sajithge paksheta bayawela. manthree dhurayata enda bari wei kiyana bayata aswenne.
මේපාර පරදී කියල බයට දාන කැටයමක්.. පැරදුනොත් කියයි මම අස්වෙනවා කියල කියපු නිසා මිනිස්සු ඡන්දේ දුන්නේ නෑ කියල.
මූ වටේට කෑම හදල බෙදුව කියල මූව පාර්ලිමේන්තු යවන්න ඕන කියන බූරුවෝ මේරටේ ඉන්නේ.