තේරීම් කාරක සභාවෙන් බුද්ධි අංශ දරුණු පාවාදීමක.. ඔවුන්ගේ ජීවිත අනතුරේ.. වහා නවතා දමන්න.. ආරක්‍ෂක ප‍්‍රධානීන් ගණනාවත් ජනාධිපති හමුවී විරෝධය පාති..

May 30, 2019 at 12:04 am | lanka C news
තේරීම් කාරක සභාවෙන් බුද්ධි අංශ දරුණු පාවාදීමක.. ඔවුන්ගේ ජීවිත අනතුරේ.. වහා නවතා දමන්න.. ආරක්‍ෂක ප‍්‍රධානීන් ගණනාවත් ජනාධිපති හමුවී විරෝධය පාති..

පසුගිය පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජාතික බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වීම සම්බන්ධයෙන් දැඩි විරෝධය එල්ල වී තිබේ.

ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු මෙරට ආරක්ෂක අංශ භාර ඉහළ බලධාරීන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මෙමගින් මෙරට සක්‍රීය බුද්ධි අංශ ඉතාමත් දරුණු ලෙස හෙළිදරව් වී අවධානමකට පත්වන බවයි.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ඊයේ දිනයේ මෙම කමිටුව හමුවේ කැඳවා ප්‍රශ්න කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත තම දැඩි නොසතුට පළකර ඇත.

ඉදිරි දින කිහිපයේදී ද මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස් වීමට නියමිත බවත් එහිදී බුද්ධි අංශ නිලධාරීන් කොතරම් ප‍්‍රමාණයක් ප‍්‍රශ්න කරාවිදැයි නොදන්නා බවත් පෙන්වා දී ඇති ඔවුන් මාධ්‍ය ඉදිරියේ සිදුකරන මෙම ප්‍රශ්න කිරීම් පසුගිය කලෙක මිලේනියම් සිටි සිදුවීමේදී බුද්ධි අංශ පාවාදීමට එහාගිය පාවාදීමක් බවද පවසා තිබේ.

යම් ප‍්‍රකාශයක් ගැනීමට ඇති නම් ඕනෑම බුද්ධි නිලධාරියෙකුගෙන් ප‍්‍රශ්න කිරීමට විරෝධයක් නැති නමුත් එය කල යුත්තේ රාජ්‍ය ආරක්ෂාව ප‍්‍රමුඛව සලකා බලා බවත් බුද්ධි නිලධාරීන් ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ නිරාවරණය කිරීම හා ඔවුනගෙන් අතිශය රහසිගත තොරතුරු ගැන ප‍්‍රශ්න කිරීම් කිරීම නුසුදුසු බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සංවිධානයට එරෙහිව ඉතා අවදානම් සහගත බුද්ධි තොරතුරු රැස් කිරීමක යෙදෙමින් සිටින මෙරට බුද්ධි නිලධාරීන් මේ ආකාරයෙන් මාධ්‍ය හරහා හෙළි කිරීම මගින් ඔවුන්ගේත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට පත් කරවමින් ඇතැයිද ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ඒකාබද්ද විපක්‍ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම තේරීම් කාරක සභාව වර්ජනය කර ඇති අතර එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙම කමිටුව නියෝජනය කරති.

47 views

33 Comments to “තේරීම් කාරක සභාවෙන් බුද්ධි අංශ දරුණු පාවාදීමක.. ඔවුන්ගේ ජීවිත අනතුරේ.. වහා නවතා දමන්න.. ආරක්‍ෂක ප‍්‍රධානීන් ගණනාවත් ජනාධිපති හමුවී විරෝධය පාති..”

  1. පොරමෝලා says:

    මෙය ජනාධ්පතිව බිත්තියට හේත්තු කිරීම පිණිස කරන එජාප දේශපාලන නාට්‍යයක්. බැංකු හොරකම මෙසේ මාධ්‍යයට නිරාවරණය නොකලේ මන්ද?

  2. රටවැසියා says:

    ආයේ සැරයක් රටේ ආරක්ෂාව පාවා දෙන JVP-UNP ධීල් එකක්.

  3. kawinda says:

    gedara sewakayage athin waradak sidu unaama prashna ahanna wage prashna ahala muhuna pumbaganna pirisak therim kaaraka sabhaawe inne. hondata kalpanaawen balapu kenekuta therenawa anik ayata wadaa JVP niyojithaya ahannema ekama aakaaraye prashna. mahajana mudal naasthi karana thawath project ekak’

  4. රන්බණ්ඩා says:

    මේ කාලකණ්නි පඩත්තල දේශපාලන හැත්තට තියෙන අයිතිය මොකක්ද බොලව් මේ රාජ්‍ය නිලධාරීන් මෙහෙම ප්‍රශ්න කොරන්න.
    රට කාපු කම්බා හොරු දැන් මේ රටේ බුද්ධි අංශයත් ඉවරම කරන්නයි හදන්නෙ බොලව්.
    2015 ජනවාරි 8 පාන්දර,
    මේ රටේ හුජ්ජ හැත්ත ෆ්‍රී වයි ෆයි ගන්නයි…
    රජයේ සේවකයින් වැඩි දෙනෙක් රුපියල් 10000 ගන්නයි…
    නංගිගෙ අම්මට පුංචි කාර් ගන්නයි…
    චන්ද පොලට ගිහිං…යහපාලනේට කෙළපු චන්දෙ රඟේ දැන් දිරවා ගනිල්ලා.
    මේ රටට ආදරයක් කැක්කුමක් තියෙන මිනිස්සුන්ට ඊයෙ ඇස් වලට කඳුළු උනන්න ඇති බොලව් අර රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියා එතන හිටපු පඩත්තල කම්බා හොරුන්ට “සර්” කියද්දි.
    අපිට දැන් කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ සොබාදහමට විතරමයි.
    මේ රට කාපු කාලකණ්නි දේශපාලන හැත්ත මකබැවිලා පලයව් ඉක්මනටම.

    • Rupe says:

      Great comment. It is the time now to all Sri Lankans to round-up in Colombo and protest against this leadership. Now is the time dear mums, dads, sisters and brothers.

  5. CIA says:

    In the name of 5Star democracy we are losing the Sinhala Nations strength every time when General and other Elections are held . Sinhalese take a note of this. Election deals of politicians are our biggest enemy . Lean a lesson from Indian Modi

  6. Mangala says:

    Monawada me anduwa karana balu wada. Me minissunwa mara dannada one. Ranilage ilanga nadagamada me. Kalin wathaweth me yaka maha pawadeemak kara. Munta one ratata wina kara kara thambingen panduru pakkudam ganna.

  7. Mahesh Gamage says:

    me wage hun gotththo enna ratak thawath naha.

    mun maha dawale heluwallen pare nana jathiyak

  8. කැලණියෙ දමියා says:

    බුද්ධි අංශ අඩපණ කරපු මොළයක් නැති යහපාලන ආණ්ඩුවෙන් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා.

  9. lanka says:

    රනිල්ට ඕනේ උනේ බුද්ධි අංශවල කට්ටියව එලි කරන එක තමා. රටට දෙයියන්ගේම පිහිටයි

  10. nalin says:

    MILLENNIUM CITY OPS – PART II
    Gamarale meka nawathapan media ekata dena eka

Main News