තේරීම් කාරක සභාවෙන් බුද්ධි අංශ දරුණු පාවාදීමක.. ඔවුන්ගේ ජීවිත අනතුරේ.. වහා නවතා දමන්න.. ආරක්‍ෂක ප‍්‍රධානීන් ගණනාවත් ජනාධිපති හමුවී විරෝධය පාති..

May 30, 2019 at 12:04 am | lanka C news
තේරීම් කාරක සභාවෙන් බුද්ධි අංශ දරුණු පාවාදීමක.. ඔවුන්ගේ ජීවිත අනතුරේ.. වහා නවතා දමන්න.. ආරක්‍ෂක ප‍්‍රධානීන් ගණනාවත් ජනාධිපති හමුවී විරෝධය පාති..

පසුගිය පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජාතික බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වීම සම්බන්ධයෙන් දැඩි විරෝධය එල්ල වී තිබේ.

ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු මෙරට ආරක්ෂක අංශ භාර ඉහළ බලධාරීන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මෙමගින් මෙරට සක්‍රීය බුද්ධි අංශ ඉතාමත් දරුණු ලෙස හෙළිදරව් වී අවධානමකට පත්වන බවයි.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ඊයේ දිනයේ මෙම කමිටුව හමුවේ කැඳවා ප්‍රශ්න කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත තම දැඩි නොසතුට පළකර ඇත.

ඉදිරි දින කිහිපයේදී ද මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස් වීමට නියමිත බවත් එහිදී බුද්ධි අංශ නිලධාරීන් කොතරම් ප‍්‍රමාණයක් ප‍්‍රශ්න කරාවිදැයි නොදන්නා බවත් පෙන්වා දී ඇති ඔවුන් මාධ්‍ය ඉදිරියේ සිදුකරන මෙම ප්‍රශ්න කිරීම් පසුගිය කලෙක මිලේනියම් සිටි සිදුවීමේදී බුද්ධි අංශ පාවාදීමට එහාගිය පාවාදීමක් බවද පවසා තිබේ.

යම් ප‍්‍රකාශයක් ගැනීමට ඇති නම් ඕනෑම බුද්ධි නිලධාරියෙකුගෙන් ප‍්‍රශ්න කිරීමට විරෝධයක් නැති නමුත් එය කල යුත්තේ රාජ්‍ය ආරක්ෂාව ප‍්‍රමුඛව සලකා බලා බවත් බුද්ධි නිලධාරීන් ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ නිරාවරණය කිරීම හා ඔවුනගෙන් අතිශය රහසිගත තොරතුරු ගැන ප‍්‍රශ්න කිරීම් කිරීම නුසුදුසු බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සංවිධානයට එරෙහිව ඉතා අවදානම් සහගත බුද්ධි තොරතුරු රැස් කිරීමක යෙදෙමින් සිටින මෙරට බුද්ධි නිලධාරීන් මේ ආකාරයෙන් මාධ්‍ය හරහා හෙළි කිරීම මගින් ඔවුන්ගේත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට පත් කරවමින් ඇතැයිද ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ඒකාබද්ද විපක්‍ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම තේරීම් කාරක සභාව වර්ජනය කර ඇති අතර එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙම කමිටුව නියෝජනය කරති.

47 views

33 Comments to “තේරීම් කාරක සභාවෙන් බුද්ධි අංශ දරුණු පාවාදීමක.. ඔවුන්ගේ ජීවිත අනතුරේ.. වහා නවතා දමන්න.. ආරක්‍ෂක ප‍්‍රධානීන් ගණනාවත් ජනාධිපති හමුවී විරෝධය පාති..”

  1. Thanuja says:

    ඇයි මේකට ජනාධිපතියවයි අගමැතියවයි ගෙන්නල ප්‍රශ්ණ කරන්නෙ නැත්තේ. ඇයි මේකට මුලින්ම වගකියන්න ඕන මුන්දෙන්න ගැන පරීකෂණ කරන්නෙ නැත්තේ.

  2. saibal says:

    What a shame, Now these idiots will start to expose everyone in the intelligence and all the outside sources of information on media. The people or groups who has been craving for this information will collect and use the information for screw SL further. Once the names get exposed these intelligent offices and families will be at risk. President should stop this scam by RW and gang to save this country from future threats.

  3. Kumari says:

    බෝම්බ කෙළියේ නිරුවත එලිවෙනවට රටේ දේශපාලන බල අධිකාරියත් රාජපක්ෂ වහල්ලුත් විරුද්ධ ඇයි කියල පැහැදිලියි. ඔක්තෝබර් පන්නයේ අලුත් කුමන්ත්‍රණය පරාජයට පත්වීමත් සමග දෙකොන ගිනිගත් වඳුරෙකුට සිදුවූ වින්නැහියට සමාන දෙයක් තමයි ඔවුනට මේ සිදුවී තිබෙන්නේ. අර එස් බී ව දාල කොහොමහරි බදුර්දීන් ආණ්ඩුවෙන් ගලවගත්තොත් බහුතරය පෙන්වා රාජපක්ෂලාට ආණ්ඩුවක් පිහිටුවා චන්දයකට යන්න පුළුවන් වෙයි.

  4. රාජපක්ෂගේ වැඩ නිසා තමයි යකෝ සිංහල ජාතියට කොන්දකෙලින් තියාගෙන ඉන්න පුළුවන් වුනේ මෙි පොන්නයෝ රටම විනාශ කරනවා

Main News