තේරීම් කාරක සභාව අවසන් අදියරේ.. යෝජිත නියෝජිතයන් මෙන්න…

November 23, 2018 at 8:40 am | lanka C news

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයන් නම් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

ආණ්ඩු පක්ෂයෙන් නියෝජිතයින් හත් දෙනෙක්, එක්සත් ජාතික පක්ෂයෙන් පස්දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණ දෙදෙනෙක් ලෙස මෙම පිරිස නම් කර තිබේ.

දෙමළ ජාතික සංධානය දැනට ඔවුන්ගේ නියෝජිතයන් නම් කරන නැතත් නියෝජිතයන් දෙදෙනෙකු නම් කරනු ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මන්ත්‍රීවරුන් 12 දෙනකු පමණක් නම් කිරීමට නියමිතය.

ආණ්ඩුව හා විපක්ෂ දෙපාර්ශ්වයම සඳහන් කරන්නේ තමනට තේරීම් කාරක සභාවේ බහුතර මන්ත්‍රී නියෝජනයක් අවශ්‍ය බවයි.

දැනට පක්‍ෂ විසින් නම් කර ඇති මන්ත‍්‍රීවරුන් මෙසේය.

සන්ධානය

දිනේෂ් ගුණවර්ධන
එස්.බී. දිසානායක
නිමල් සිරිපාල ද සිල්වා
මහින්ද සමරසිංහ
විමල් වීරවංශ
තිලංග සුමතිපාල
උදය ගම්මන්පිල

එජාපය

ලක්ෂ්මන් කිරිඇල්ල
රවුෆ් හකීම්
මනෝ ගනේෂන්
චම්පික රණවක
රිෂාඩ් බදියුදීන්

ජවිපෙ

විජිත හේරත්
නලින්ද ජයතිස්ස

0 views

4 Comments to “තේරීම් කාරක සභාව අවසන් අදියරේ.. යෝජිත නියෝජිතයන් මෙන්න…”

  1. ගිගිරි says:

    ආසන 5ක් තියෙන ජෙප්පන්ට එක නියෝජිතයෙක් වැඩිත් තරම්

  2. Jan Dharmabandu says:

    Effectively UNP has one seat out of the 12. Fair ?? Of course. They should not be given any more.

  3. asoka says:

    of the five representatives from the UNP three are not sinhala , buddhists. L.K and C.R has never supported the buddhists. All the five people are totally against the sinhala , buddhist in this country . this is the actual situation of the UNP

  4. mahinda says:

    ඔය මගුලට අර ව්‍යාග්‍රාවති පත්කලානම් කිසිදු කරදරයකින් තො රව බහුතරය අරන් දෙයි එයා සතුව බහුතර නිෂ්පාද්න මැසිමක් තියනවා.

Main News