තේ කම්කරු පඩි සටන දෙකට බෙදේ.. තොණ්ඩමන්ගේ සංගමය වැඩට යද්දී සෙසු සංගම් වර්ජනයේ…

December 13, 2018 at 6:48 pm | lanka C news
තේ කම්කරු පඩි සටන දෙකට බෙදේ.. තොණ්ඩමන්ගේ සංගමය වැඩට යද්දී සෙසු සංගම් වර්ජනයේ…

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් දින 8 ක් පුරා වතු කම්කරුවන් ආරම්භ  කර තිබු වැඩ වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරද්දි කම්කරු ජාතික පෙරමුණේ සමාජිකයන් ලංකා කම්කරු කොන්ග්‍රසයට එරෙහිව  වතුකරය පුරා උද්ඝෝෂන පවත්වයි.

කම්කරු ජාතික පෙරමුණේ සමාජිකයන් හැටන්, වටවල, බගන්තලාව, මස්කෙලිය යන ප්‍රදේශවල තවදුරටත් වැඩ වර්ජනයේ නිරත වෙමින් ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයින්  තම දෛනික මුලික වැටුප රු 1000  දක්වා වැඩි කර ලබාදෙන බවට පොරොන්දු වි එ සදහා වැඩ වර්ජනය සිදු කරන ලෙසට ඉල්ලිමක් කර දින 8 කට පසු එම මුදල ලබානොදි යලිත් සේවයට වාර්තා කරන ලෙසට එම සංගමය විසින් දැනුම් දුන් බවයි උද්ඝෝෂනයේ නියැලි සිටි ජාතික කම්කරු පෙරමුණේ සමාජිකයන් කියා සිටියේ.

තම  දෛනික මුලි වැටුප රු 1000 දක්වා වැඩි කර දෙන තෙක් තමන් සේවයට වාර්තා නොකරන බවයි උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ සමාජිකයන් විශාල පිරිසක් අද (13) දින සේවයට වාර්තා කර ඇති බවත්, තේ නිෂ්පාදන කටයුතු යලිත් මේ වන විට ආරම්භ කර ඇති බවයි වතු අධිකාරිවරුන් කියා සිටියේ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ලංකා කම්කරු කොන්ග්‍රසය පැවැත් වු සාකච්ඡාවේදි වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමගග ලබන 19 වෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සාකච්ඡා කරන බවට ලබා දුන් පොරොන්දුවත් මත හා ජනාධිපතිවරයාගේ ඉල්ලිමක් මත වැඩ වර්ජනය නතර කිරිමට ලංකා කම්කරු කොන්ග්‍රසය තිරණය කරනු ලැබිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

5,987 Viewers

2 Comments to “තේ කම්කරු පඩි සටන දෙකට බෙදේ.. තොණ්ඩමන්ගේ සංගමය වැඩට යද්දී සෙසු සංගම් වර්ජනයේ…”

  1. HUASHEN AUSTRALIYA says:

    Mage rata bedanna WInaasha Karanna daayaka wena hama ekaama Saha unge Pawulwalata shapa WEWA. Unge pawul pitin handi gawilaa yathawa.
    Every body wish like this. Results in three months

    • Lebbe says:

      Liyanna purudu wenna sinhalen.
      මගේ රට බෙදන්න විනාශ කරන්න දායක වෙන හැම එකාම සහ උන්ගේ පවුල්වලට ශාප වේවා. උන්ගේ පවුල් පිටින් හැඳි ගැවිලා යත්වා. සැමගේ පැතුම මෙයයි. ප්‍රතිපල මස තුනකින්.

Main News