තේ කම්කරු වැඩ වර්ජනයෙන් රුපියලේ අගය අඩු වී ඩොලරයේ අගය ඉහලට…
December 11, 2018 at 5:30 pm | lanka C news
වතු කම්කරුවන් විසින් දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරදෙන ලෙස ඉල්ලා වතු සමාගම්වලට එරෙහිව ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය හමුවේ රුපියලේ අගය අඩු වි ඩොලරයේ අගය ඉහල යාමේ අවධානමක් පවතින බව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ.ප්‍රේමරත්න මහතා පැවසිය.
ජේ.එම්.ඒ ප්‍රේමරත්න මහතා ඒ බැව් කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ හැටන් කාර්යයාලයේ අද (11) පැවති මාධ්‍යය හමුවකට එක් වෙමිණි.
මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම්වරයා කියා සිටියේ වතු කම්කරු අඛණ්ඩ වැඩ වර්ජනය හමුවේ උඩරට සහ පහතරට තේ නිෂ්පාදනය අඩාල වි ඇති බවයි.
තේ නිෂ්පාදනය අඩාල විම හමුවේ ඉදිරියේදි පැවැත්වෙන තේ වෙන්දේසිය සදහා වතු සමාගම් විසින් වෙන්දේසියට තේ තොග ඉදිරිපත් නොකිරිම හමුවේ තේ අපනයනයට දැඩි බාධාවක් පැමිණෙන නිසා විදේශ විනිමය මෙරටට නොලැබිම හමුවේ රුපියලේ අගය අඩු වි ඩොලරයේ අගය විශාල ලෙස ඉහල අගයක් ගන්නා බවයි.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට රජයක් නොමැති නිසා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ සදහා ඉදිරිපත් විය යුතු බවයි.
රටේ දැනට පවතින ජිවන වියදම අනුව වතු කම්කරුවෙකුට දිනකට රු 1281 ක වැටුපක් ලැබිය යුතු බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය යෝජනා කර සිටින බවයි සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම්වරයා කියා සිටින්නේ.
මෙම මාධ්‍යය සාකච්ඡාවට සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ් මහතා සහ එම සංගමයේ උප ලේකම් කිට්නන් කලෙයි සෙල්වි මෙණවියද සහභාගි විය.
රනිල් බලයේ ඉන්න විට මුන් පාරට බැස්සේ නැහැ දැන් පාරට බැස්සේ මුදල් වලට