තේ කලවං කර රට යවන්න රජයේ අවසරය.. ‘සිලෝන් ටී’ නමට ලෝකයේ කළු පැල්ලමක්..
May 13, 2017 at 8:02 am | lanka C news
මෙරටට විදේශයන්ගෙන් කළු තේ ආනයනය මිශ්‍රකර නැවත අපනයනය කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය හේතුවෙන් 150 වසරක ඉතිහාසයක් සහිත මෙරට තේ කර්මාන්තයේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනය කියයි.
සංගමයේ සභාපති ලාල් පේ‍්‍රමනාත් මහතා පවසන්නේ ලෝකයේ හොදම කළු තේ ලෙසින් කීර්තියක් දිනාගෙන සිටි ලංකාවේ තේ සන්නාමයට මෙම තීරණය නිසා කළු පැල්ලමක් එක්වන බවයි.
දේශපාලක මිත්‍රයන්ට මුදල් ඉපයීම සදහා ඉඩ ලබා දීමට මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ යයිද ඔහු චෝදනා කරයි.