තේ දළු නෙලන වතු කම්කරු කාන්තාවන් දිරි ගැන්විමට වතු සමාගම් දළු නෙලිමේ තරග පවත්වයි…

February 14, 2019 at 8:02 am | lanka C news
තේ දළු නෙලන වතු කම්කරු කාන්තාවන් දිරි ගැන්විමට වතු සමාගම් දළු නෙලිමේ තරග පවත්වයි…

තේ වතු ආශ්‍රිතව වැඩ කරන වතු කම්කරුකරු කාන්තාවන්ව දිරි ගැන්විම සදහ සහ ඔවුන් තවදුරටත් තේ කර්මාන්තයේ රැකියාවල රදවා ගැනිම සදහා තේ වතු සමාගම් විසින් තේ දළු නෙලිමේ තරග පවත්වමින්  විවිධ වැඩ සටහන් දියත් කර ඇත.

මෙම වැඩසටහනට සමගාමිව කැළනිවැලි සමාගමට අයත් බගවන්තලාව රොබ්ගිල් වත්තේ වතු කම්කරු කාන්තාවන් අතර තේ දළු නෙලිමේ තරගයක් පවත්වා එම තරගයෙන් ජය වතු තම්කරු කාන්තාවන්ට තැගි මුදල් සහ පදක්කම් පැළද විමේ වැඩසටහනක් එම වතු යායේ වතු අධිකාරි ඉන්ද්‍රගාලි ආරච්චි ප්‍රධානත්වයෙන් (13)  එම වතුයායේදි පැවැත් විණ.

එම වතු යායේ  හොදින් තේ දළු නෙළන වතු කම්කරු කාන්තාවන් 9 දෙනෙකු තොරාගෙන තේ වත්තේ හොදින් තේ දළු වැඩුණු ඉඩමක විනාඩි 30 ක කාලයක් තුල ප්‍රමිතියට අනුව වැඩිම තේ දළු නෙළන කාන්තාවන් තිදෙනා තොරා තැගි මුදල් සහ පදක්කම් පිලිනැමිමයි සිදු කරනු ලැබුවේ.

මෙම තරගයේ පළමු ස්ථානය එම වතුයායේ එස්.කමලේෂ්වරි විසින් හිමි කරගත් අතර ඇය විසින් විනාඩි 30 ක කාලයක් තුල අමු තේ දළු කිලෝ 4 ග්රුම් 380 ක් නෙලාගනිමින් ලකුණු 94 ක්ද ලබාගත් අතර, දෙවන ස්ථානය කිලෝ  3 ග්රුම් 850  නෙලා ගනිමින් ලකුණු 93.66 හිමිකරගත් එස්.මංජුලා විසින් දෙවන ස්ථානය  දිනාගත් අතර තෙවන ස්ථානය එම වතුයායේ එස්.තෙයිවානේ  විසින් කිලෝ 4 නෙලා ගෙන ලකුණු 93.11 ලබාගනිමින් තෙවන ස්ථානය  හිමිකරගෙන ඇත.

මෙම තරගයෙන් ජයග්‍රහනය කල තිදෙනාටම මුදල් තැගි ලබාදුන් අතර පළමු ස්ථානය ලබා ගත් එස්.කමලේෂ්වරි ඇතුළු පවුලේ සැමට එක් දිනක් තුල  දිවයිනේ ඕනැම ස්ථානය සංචාරය කිරිමට අවශ්‍යය මුල්‍යය අනුග්‍රහය දැක්විමට වතු පාලන අධිකාරිය කටයුතු කර තිබුණි.

මෙම තරගාවලිය මේ වසරේ අවසන් කාර්තුවේදි අනතර් වතු සමාගම් අතර පැවැත්විමට තේ වතු සමාගම් තිරණය කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

168 views
Main News