තේ දළු නෙලමින් සිටි කාන්තාවකට දිවියෙකුගෙන් ප්‍රහාරයක්.. තුවාල ලබා රෝහලේ..

October 20, 2018 at 2:08 am | lanka C news
තේ දළු නෙලමින් සිටි කාන්තාවකට දිවියෙකුගෙන්  ප්‍රහාරයක්.. තුවාල ලබා රෝහලේ..

තේදළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකට දිවියෙකුගෙන් ප්‍රහාරයක් එල්ල විම නිසා තුවාල ලැබු එම කාන්තාව බගවන්තලාව ප්‍රාදේශි රෝහල වෙත ඇතුලත් කිරිම නිසා ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර යවා ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

මෙම දිවි ප්‍රහාරය එල්ල වි ඇත්තේ බගවන්තලාව  තෙරේසියා වත්තතේදිය.

වතු කම්කරුවන් සමග තේ වතු යායට යන සුනඛයන් දඩයම් කිරිම සදහා පැමිණි දිවියෙකු  තේ  වත්තේ ජය ගලා බසින කාණුවක සැගවි සිට තමන්ට පහර දුන් බවයි තුවාල ලබා රෝහල් ගත වි සිටින කාන්තාව  කියා සිටියි.

දිවියා පහර දිමෙන් එම කාන්තාවගේ අතේ පිටුපස  ප්‍රදේශයට සහ මුහුණට බරපතල තුවාල සිදු වි ඇත.

දිවියා සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යයාගයේ නිලධාරින්ට දැනුම් දි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

15 views

2 Comments to “තේ දළු නෙලමින් සිටි කාන්තාවකට දිවියෙකුගෙන් ප්‍රහාරයක්.. තුවාල ලබා රෝහලේ..”

  1. Love nature says:

    තෙරේසියා වත්තතේදි මරා ඇති දිවියන් ගණන බලන විට ඕක සුළු දෙයක් …සතුන් මරණ මිනිසුන්ට සතුන් පහර දෙනවා

  2. Vasana says:

    ඉත්තෑවන් මරාකන තේ වතු කම්කරුවන් ගේ සත්ව ඝාතනය ගැන සොයා බැලිය යුතුයි

Main News