තේ වගාව හාන්සියි.. පොහොර මිටියක් 8000 පනී…

December 31, 2021 at 4:40 pm | lanka C news
තේ වගාව හාන්සියි.. පොහොර මිටියක් 8000 පනී…

වසරකට පසු බලන්ගොඩ ප්‍රදේශයේ තේ ගොවින් කිහිප දෙනෙකුට තේ පොහොර ලැබිි තිබුන අතර එලෙස පොහොර ලැබුන තේ ගොවිහුු සදහන් කර සිටියේ කිලෝ පනහක තේ පොහොර බැගයක මිල රැපියල් 8000 ක් පමණ වන බවත් එය පස් ගුණයකට පමණ වැඩි මිලකින් ඉහල ගොස් ඇති බවද තේ ගොවිහුු පැවැසුහ.

මිිට වසරකට පෙර රැපියල් 1500 ට මිලට පැවැති කිලෝ පනහක ⁣තේ පොහොර බැගයක මිල මෙලෙස පස් ගුණයකටත් වැඩි මිලකින් ඉහළ ගොස් ඇතැයි එම පොහොර ලැබුන තේ ගොවිහුු සදහන් කළහ. තමන් විසින් අමුු තේ දළු සපයන තේ් වෙලෙන්දන් විසින් එම පොහොර ගෙනවිත් දුන් බවද තේ ගොවිහුු කිිහ.

තේ් පොහොර බැගයක මිල රැපියල් 1500 ක මිලකට පැවැති කාලයේ තේ අක්කරයක් සදහා එක් රවුමකට කිලෝ පනහයේ පොහොර බැග් පහක් පමණ යොදන බවත් ඒ සදහා රැපියල් 7500 ක පමණ අඩු මුදලක් පොහොර සදහා වැය වු බවද ගොවිහුු පැවැසුහ. නමුත් රැපියල් 8000 බැගින් ලැබුන පොහොර බැග් පහක් තේ වගාව සදහා එක් සැරයකට යෙදිම සදහා රැපියල් 40,000 ක මුදලක් වැය වෙන බවද තේ ගොවිහුු පෙන්වා දෙති.

මාස තුනෙන් තුනට තේ වගාවට පොහොර යෙදිම සිදු කල යුතු බවත් පොහොර සදහා පමණක් දැනට පවතින මිල අනුව රැපියල් එක්ලක්ෂ හැට දහසක අමතර වියදමක් දැරිමට සිදු වන බවද තේ ගොවින් වැඩිදුරටත් පෙන්වා දෙති.

කෙසේ වෙතත් තේ ගොවිහුු අතලොස්සකට පමණක් මෙලෙස වැඩි වු මිලට හෝ පොහොර ලැබි ඇති අතර තවත් තේ ගොවිහුු දහස් ගණනක් තේ පොහොර නොමැතිව බලන්ගොඩ ප්‍රදේශයේ අසරණතාවයට පත්ව සිටිති.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

17,544 views

6 Comments to “තේ වගාව හාන්සියි.. පොහොර මිටියක් 8000 පනී…”

  1. Sahan says:

    මේ ඔක්කොම ජෙප්පන්ගේ කුමන්ත්‍රණ.

    • LalithM says:

      නෑ ඩේසි ආච්චිගේ කුමන්ත්‍රණයක්. ආ තව කැලණිය පන්සලේ මහ චීවරයත් හවුල්.

  2. Modaya says:

    මොවුන් ගෙදර යැවීමේ බලය රට විරුවන්ට ඇත. රට විරුවනි පෙරට එන්න.

  3. සවාධීන says:

    අපේ ආච්චිගේ කුමන්ත්‍රණයක් නිසා මේ බඩු ගනන් යන්නේ.

  4. Gamarala says:

    මිල වැඩිවීමට හේතුව කොමිස් කොමිස්. මේ වසර දෙක ඇතුලත හම්බ ක‍රන්න වෙනවා මේ අය නැවත එන්නේ නැහැනේ.

  5. Boo says:

    කොමිස්, කොමිස්, ලැම්බොගිනි, රත්තරං අස්සයෝ, හෙලිකොප්ටර්, බකිංහැම්, ඩුබායි ගිනුම්, තාජුදීන්.

Main News