තේ වත්තේ තිබු මල්ලක් නිසා කම්කරුවන් භිතියට පත් වෙයි…

November 24, 2019 at 5:30 pm | lanka C news
තේ වත්තේ තිබු මල්ලක් නිසා කම්කරුවන් භිතියට පත් වෙයි…

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය වනරාජා වත්තේ තේ වත්ත මැද තිබු ගමන් මල්ලක් හේතුවෙන් තේ වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක් භිතියට පත් වි එ පිලිබදව හැටන් පොලිසිය දැනුම් දි ඇත.

අද (24) තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් හැටන් දික්ඔය වනරාජා වත්තේ දික්ඔය ඇළට ඉහලින් අයිතිකරුවෙකු නොමැති ගමන් මල්ල තේ පදුරු මත තිබෙන අයුරු දැක පසුව වතු කම්කරුවන් එම ස්ථානයෙන් ඉවත් වි එ පිලිබදව වතු පාලන අධිකාරිය හරහා හැටන් පොලිසියට දැනුම් දිමක් කර ඇත.

හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණි ගමන් මල්ල පරික්ෂා කිරිමේදි ගමන් මල්ල තුල පිරිමි පලදින ඇදුම් කිහිපයක්, මුදල් පසුම්බියක් , එ.ටි.එම් කාඩ්පත් කිහිපයක් සහ දුරකථන සිම්පත් කිහිපයක් තිබි ඇත.

හැටන් පොලිසියේ නිලධාරින් අයිතිකරුවෙකු නොමැති ගමන් මල්ල තිබු ස්ථානයේ සොදිසි මෙහෙයුමක්ද සිදු කිරිමෙන් අනතුරුව සොයාගත් ගමන් මල්ල වැඩි දුර පරික්ෂණ සදහා හැටන් පොලිසිය වෙත රැගෙන ගොස් ඇත.

ගමන් මල්ල පිලිබදව හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

16,910 Viewers

One Comment to “තේ වත්තේ තිබු මල්ලක් නිසා කම්කරුවන් භිතියට පත් වෙයි…”

  1. gamarala says:

    මුන්සේරම බටලන්ද ගැන නිහඩව සිටියේ

Main News