තේ ෆැක්ටරියක් ගලවයි.. වතු පාලකයන් හා සේවකයන් ගැටෙති…
February 27, 2021 at 12:40 pm | lanka C news
බගවන්තලාව පොලිස් වසමට අයත් සෙන් ජොන් ටිලරි වතු යායේ වසා දමා ඇති තේ කර්මාන්ත ශාලාවේ කොටස් ගලවා ඉවත් කිරිමට එරෙහිව වතු කම්කරුවන් සහ වතු පාලන අධිකාරිය අතර (26) දින නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි මෙම තේ කර්මාන්ත ශාලාව රජය මගින් තේ වතු සමාගම් වලට කල්බදු පදනම මත 1992 වසරේදි ලබා දි ඇත.
තේ වතු සමාගමක් විසින් එම වතු යාය කල්බදු පදනම මත ලබා ගැනිමෙන් පසු එම තේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා එම තේ කර්මාන්ත ශාලාවේ තිබු යන්ත්‍ර සුත්‍ර එම වතු සමාගමට අයත් වෙනත් තේ කර්මාන්ත ශාලාව වෙත රැගෙන ගොස් සවි කර ඇත.
එම තේ කර්මාන්ත ශාලාවේ දැනට ඉතිරිව ඇති සෙවිලි තහඩු , ලැලි සහ යකඩ වතු සමාගමේ උපදෙස් පරිදි වතු පාලන අධිකාරිය මගින් මිට සතියකට පමණ සිට ගලවා ඉවත් කිරිමේ කටයුතු සිදු කරනු ලබයි.
(26) දින ඉතිරිව ඇති සෙවිලි තහඩු සහ අනෙකුත් උපකරණ ගලවා ඉවත් කිරිමට යාමේදි එම වතු යායේ වතු කම්කරුවන් සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් යන මහතුන් එම තේ කර්මාන්ත ශාලාව වෙත පැමිණ තේ කර්මාන්ත ශාලාවේ ඉතිරි කොටස් ගැලවිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරියට විරෝධය දක්වා තේ කර්මාන්ත ශාලාවේ ගැලවිම් කටයුතු තාවකාලිකව නතර කරනු ලැබුහ.
නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ වතු කම්කරුවන් කියා සිටින්නේ තේ කර්මාන්ත ශාලාව ගලවා ඉවත් කිරිම වෙනුවට එම තේ කර්මාන්ත ශාලාව වතුකරයේ රැකියා විරහිත තරුණ ප්‍රජාව වෙනුවෙන් ස්වයං රැකියා සිදු කල හැකි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපනය කල යුතු බවයි.
වතු කම්කරුවන් සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ දැඩි වරෝධය හමුවේ වතු පාලන අධිකාරිය විසින් තේ කර්මාන්ත ශාලාවේ ඉතිරිව ඇති කොටස් ගලවා ඉවත් කිරිම තාවකාලිකව නතර කරනු ලැබුහ.
– හැටන් රංජිත් රාජපක්ෂ
පසු ගිය කාලේ සිරිමා සාස්ත්‍රී ගිවිසුම හරියට ක්‍රයාත්මක කෙරුවා නම් මේ ප්‍රශ්න නැහැනේ දැන් ඉතින් විදපල්ලා.
Ma ma hoda salli karayek, kerumek hodada
Watu tiyenawanam mata deepalla
WADA POHOTTUWTA – CHANDE GU-NP
මත්කුඩු තත්වයට කසළ තේ රට වට යනවා
ලක්මව කසළ තේ නාමයෙන් දෙදරල යනවා
පිටරැටි පත්තරවලත් කසළ තේ පලවී යනවා
සිලෝන්-ටී නාමය මුතු රටින් කසළ වී යනවා
state people are given all the facilities including the citizenship to work in the tea industry. Now they are deviating from that and involve in other jobs destroying SriLankan tea name in the world arena such as producing ‘kasala tea’. So what is the point in the government to give more facilities if they do not participate in the duty assigned to them by the government.
වසවිස වතුරට වැටුනම හිමි රතන කියවයි
කසළ තේ ගැන කවදත් ඇමතියත් නිහඬයි
වසවිස කතා මුලු රටම කොමිස්වලට යටයි
කසළ තේ බීලම සුදුලෝගු දියවන්නා නටයි