තොණ්ඩමන්ගේ අවමංගල උත්සවය අසලට යන්න නිරෝධායන වන දියණියට අවස්ථාව..

May 31, 2020 at 1:20 pm | lanka C news
තොණ්ඩමන්ගේ අවමංගල උත්සවය අසලට යන්න නිරෝධායන වන දියණියට අවස්ථාව..

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ දියණියට ඔහුගේ අවමංගල උත්සවයට සහභාගි වීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද අවමංගල උත්සවය පැවැත්වෙන අවස්ථාව ආසන්නයට විශේෂ ගිලන් රථයක සිට ඇයට සහභාගිවීමට නිර්දේශ ලබා දී ඇති බව සදහන්ය.

එම අවස්ථාවට ඇය සහභාගි වී යුත්තේ පිටස්තර ජනතාවගෙන් ඈත් කර නිරෝධායන රෙගුලාසි සහ සෞඛ්‍ය අංශය විසින් ලබා දුන් උපදෙස් අනුව බවද පැවසේ.

තම පියා අභාවප්‍රාප්ත වන විට ඇය ඕමානයේ සිට ඇති අතර මෙරටට පැමිණි වහාම ඇය නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබේ.

දින දාහතරක් නිරෝධායනය විය යුතු වුවත් ඇය විසින් කරන ලද දැඩි ඉල්ලීම මත මෙම මේ ආකාරයෙන් සෞඛ්‍ය නිර්දේශ මත අවසරය හිමි වී ඇති බවද සඳහන් වේ.

264 views

40 Comments to “තොණ්ඩමන්ගේ අවමංගල උත්සවය අසලට යන්න නිරෝධායන වන දියණියට අවස්ථාව..”

  1. රසික says:

    කලකිරෙනවා මේවා දැක්කාම . තව රෝගී පොකුරු මතුවුනොත් චන්දය කල් දාන්න වෙලා පරණ පාර්ලිමේන්තුව කැඳවන්න වෙයි . එතකොට තේරෙයි මෝඩකම් වල ප්‍රථිපල .
    මහින්දගේ පාලන කාලේ මද්‍යස්ථ මිනිසුන්ට එපාවුණු දේවල් එක එක මතුවෙනවා . ජනාධිපතිතුමනි පරණ වැරදි ආයේ කරන එක වලක්වන්න

    • ගුරුළු says:

      ජනපතිතුමෙනි ,මහින්දගේ පරණ පාලන කාලේ නැවත නවත්වපු තැනින් පටන් ගන්න ඉඩ නොදෙන්න ..දැන් අවශ්‍ය ඔබතුමාගේ පාලනයක් අපිට අවශ්‍ය අලුත් පාලනයක් ..අපි ඔබතුමා ගැන තැබූ විස්වාසය කඩ නොකරන්න

  2. Nimal R says:

    This is completely wrong. This shows that MR government is not acting according to Gotabhaya Rajapakse principals in some occasions. How can you treat some citizens differently. This is nonsense. General public is humiliated by this decision. President should ensure this type of nonsense will not happen again.

  3. Felix says:

    Den 69 Lakshe Wahallu Tika Meeka Anumathai… Patta Rata.!

Main News