තොණ්ඩමන්ගේ අවමංගල උත්සවය අසලට යන්න නිරෝධායන වන දියණියට අවස්ථාව..

May 31, 2020 at 1:20 pm | lanka C news
තොණ්ඩමන්ගේ අවමංගල උත්සවය අසලට යන්න නිරෝධායන වන දියණියට අවස්ථාව..

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ දියණියට ඔහුගේ අවමංගල උත්සවයට සහභාගි වීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද අවමංගල උත්සවය පැවැත්වෙන අවස්ථාව ආසන්නයට විශේෂ ගිලන් රථයක සිට ඇයට සහභාගිවීමට නිර්දේශ ලබා දී ඇති බව සදහන්ය.

එම අවස්ථාවට ඇය සහභාගි වී යුත්තේ පිටස්තර ජනතාවගෙන් ඈත් කර නිරෝධායන රෙගුලාසි සහ සෞඛ්‍ය අංශය විසින් ලබා දුන් උපදෙස් අනුව බවද පැවසේ.

තම පියා අභාවප්‍රාප්ත වන විට ඇය ඕමානයේ සිට ඇති අතර මෙරටට පැමිණි වහාම ඇය නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබේ.

දින දාහතරක් නිරෝධායනය විය යුතු වුවත් ඇය විසින් කරන ලද දැඩි ඉල්ලීම මත මෙම මේ ආකාරයෙන් සෞඛ්‍ය නිර්දේශ මත අවසරය හිමි වී ඇති බවද සඳහන් වේ.

368 views

40 Comments to “තොණ්ඩමන්ගේ අවමංගල උත්සවය අසලට යන්න නිරෝධායන වන දියණියට අවස්ථාව..”

  1. දරුවෙකුට තම මව ගේ පියාගේ අවමගුලට සහභාගි වීමට විරුද්ධ වීම නින්දිත ක්‍රියාවක්. ඊට කළ හැකි උපකාර කිරීම හොඳ දෙයක්. රජය ඒ දෙය කරලා තිබෙනවා.

    • sinha le says:

      ධනවත් දමිළ දේශපාලුවන්ගේ පවුලේ යට විතරද පියාගේ අවමගුලට සහභාගි වීමට අවසර දුප්පත් හෝ රටේ සාමාන්‍ය ජනතාවට එම අවසරය නොදුන්නේ /නොලැබුණේ මන්ද ? නිතිය සාධාරණත්වය .. යුතුකම… සැමටම පොදු විය යුතුයි
      රටේ සිංහල ජනතාවට නැති විශේෂ අවසරයක් දෙමළ දේශපාලකයින්ගේ දරුවන්ට පමණක් ලැබෙන්නේ මන්ද ? මුදල් බලේද ? වතුකරේ ජන්දේ බලේටද ?

  2. කුජිත් ආරෝහණ says:

    පොඩ්ඩක් ඉන්න මම තාම කලිසම හොයනවා. මගේ කලිසම ගැලෙව්වා ලොක්කෝ ටික එකතු වෙලා. දැන් ටීවී එකට එන්න විදියක් නැහැ.

  3. මට තියෙන ප්‍රස්නෙ සැකකටයුතු නගර හා ස්ථාන වල දැන් තෝරාගත් නියැදි තුළින් පටල සාම්පල ලබාගෙන PCR ටෙස්ට් කොට
    රෝගය නැතැයි සහතික කොට මුදාහරින්නේනම් මෙවැනි දැඩි සංවේගී අවස්ථාවකදී ,අදාළ පුද්ගලයාව එසේ PCR තහවුරු කොට ගෙන ඔවුට යම් සීමාවන් ඇතුව නිදහසක් ලබා දිය නොහැකි මන්ද? යන්නයි.

  4. සමන් says:

    කරුණාකරල මේ වගේ අනිත් මිනිසුන්ටත් අවස්ථාව දෙන්න අද ඉදන් අනිවාර්යෙන්ම. දේශපාලඥයන්ට වඩා වටින්නෙ සාමාන්‍ය වැසියන් ඒත් එහෙම නෙමේ වැඩ වෙන්නෙ. මේ වෙලාවෙ නිරෝධනය වෙන කෙනෙක්ගෙ ලගම නෑයෙක් නැති උනොත්, ඒ නිරෝධායනය වෙන පුද්ගලය කවුරු උනත් මේ පහසුකම ලිහිල් බව ඒ මනුස්සයටත් ලබාදිය යුතුමයි රජයේ වියදමින්. එහෙම නොවුනොත් චන්දෙදි තේරේවි මිනිස්සුන්ගෙ ප්‍රතිචාරය මොකක්ද කියල. ගත්ත තීරනය හරි ඒත් සියලුම පුරවැසියන්ට සාධාරන වියයුතුමයි. අමතක කරන්න එපා හැම මිනිහෙක්ම පක්ශ බදාගෙන ඉන්න ගොන්නු නෙමේ.

  5. Saradiel says:

    අමතක ක‍රන්න එපා සමහර කාලකන්නි දරුවන් තමන් ඇති දැඩි කල මව පියා පාරේ දමා යනවා මුන්ට හෙණගහන්න ඕනේ.

  6. රස්තියාදුකාරයා says:

    ඔලුව ඉදිමුණු ගොමා ගොන්නුන්ටත් යස පාඩමක්, නැද්ද මං කියන්නේ?

  7. Mala says:

    අන්තිම අසාධාරණයි. කේන්තියි. අනාගතය පේනවා.

  8. උක්කුං මල්ලී says:

    වැඩ කරන අපේ විරුවා…….. 😂

  9. Xxxx says:

    නාගත්ත නිසා ප්‍රමාණය ඉක්මවා ගිය ආරක්ෂාවක් පෙන්නනවා

  10. Podda says:

    Quarantine law sucks…
    Only ordinary people suffer. High class people have no law enforcement.
    Poor mentality unfair country

Main News