තොණ්ඩමන්ගේ අවමගුලට ගිය මාධ්‍යවේදියෙකුට කොරෝනා ලක්‍ෂණ යයි කී PHI සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් අරඹයි..

June 6, 2020 at 12:02 am | lanka C news
තොණ්ඩමන්ගේ අවමගුලට ගිය මාධ්‍යවේදියෙකුට කොරෝනා ලක්‍ෂණ යයි කී PHI සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් අරඹයි..

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය උත්සවයේ මාධ්‍ය ආවරණය සඳහා සහභාගී වූ ප්‍රාදේශිය මාධ්‍යවේදියා කොවිඩි 19 වෛරසය වැළඳුන සැක සහිත ආසාදිතයෙක් බවට සෞඛ්‍ය අංශ නිලධාරියෙක් විසින් වගකීම් රහිතව මාධ්‍යට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය සේනක තලගල මහතා පවසයි.

නුවරඑළියේදී ඔහු මේ බව පැවසීය.

අදාල සෞඛ්‍ය අංශ නිලධාරියා විසින් ලබාදුන්නේ යැයි කියන තොරතුරු පදනම් කරගනිමින් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලැබීමට ප්‍රථම මෙම ප්‍රාදේශිය මාධ්‍යවේදියා කොරෝනා ආසාදිතයෙක් බවට සැකකරන බවට පවසමින් ඔහු සමග තවත් පුද්ගලයින් දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කළ බවට පසුගියදා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා එම මාධ්‍යවේදීයා දැඩි අපහසුතාවයට හා මානසික පීඩාවට පත්ව සිටින බව පවසමින් එම සෞඛ්‍ය නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් නුවරඑළිය දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය මගින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත මාධ්‍ය සාකච්ඡාවක් ඉල්ලමින් ලිඛිතව කරන ලද ඉල්ලීමකින් අනතුරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල රැස්වීම් ශාලාවේදී පැවති මාධ්‍ය හමුවේදී තලගල මහතා ඒ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය සේනක තලගල මහතා මෙසේද පැවසීය ,

මෙම සෞඛ්‍ය නිලධාරියාගේ වගකිම් විරහිත ක්‍රියාදාමය හේතුවෙන් අපහසුවට පත්වූ මාධ්‍යවේදීයා සම්බන්ධව නුවරඑළිය දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට වෙත තම කණගාටුව ප්‍රකාශ කරන බව පැවසු වෛද්‍ය අධ්‍යක්ෂවරයා, සෞඛ්‍ය නිලධාරියා සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වෙත කරුණු වාර්තා කර ඇති බවත්, ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඒ සම්බන්ධය මාධ්‍ය දැනුම්වත් කිරිමට පියවර ගන්නා බවත්ය.

කොවිඩ් 19 වසංගත තත්ත්වයක් පවතින මෙවැනි අවස්ථාවක තහවුරු කරගත් කරුණු පදනම් කර නොගනිමින් මාධ්‍යට තොරතුරු ලබාදීමේදී බරපතල ගැටලු රැසක් උද්ගතවන බවද වෛද්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී අවධාරණය කළේය.

ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් මෙම සිද්ධිය සම්බන්ධව කරුණු වාර්තා කිරීමේදී කටයුතු කර ඇති ආකාරය සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වෙත අද (05) දා ලිඛිත දැනුම්දීමක් කළ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

සිද්ධියට සම්බන්ධ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශිය මාධ්‍යවේදියාගේ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිතයෙක් නොවන බවට ලද වෛද්‍ය වාර්තාවේ පිටපතක් මෙහිදී අදාල මාධ්‍යවේදියාට නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා විසින් භාර දෙන ලදී.

මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග වේදඥ වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා හා නුවරඑළිය දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලධාරීන් ඇතුලු මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වූහ.

මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
– ADA

81 views

13 Comments to “තොණ්ඩමන්ගේ අවමගුලට ගිය මාධ්‍යවේදියෙකුට කොරෝනා ලක්‍ෂණ යයි කී PHI සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් අරඹයි..”

  1. Alapaluwa says:

    Ape Anura aiiyage adduwa tibbanam hamotama ekawage tamai sal kanne
    Dan adda baiyanta
    Ape RED STAR ekata NIyata jaya

  2. Sirimal says:

    Nuwaraeliye thondaman funeral ekata sambanda ekkenekta corona kwwama tamay munta godak ridenne

  3. Lol says:

    Phi ta thamange job eka karanna deepalla. Magula. Api gotat chande dunne kohewath yana demalek wenuwen lokema anathuraka thiyena welawe jawusam natanna nemei. Gahapu kathire nogahainnath puluwan.

    • fass says:

      Eka thamai ban me kiyanne, PHI ta eyage job eka karanna kiyala, pareekshana wartha enna kalin prathipala kiyana ekada porage rajakariya…

  4. JANAKA says:

    පසුගියදා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා එම මාධ්‍යවේදීයා දැඩි අපහසුතාවයට හා මානසික පීඩාවට පත්ව සිටින බව පවසමින්??? එතකොට මේ අසික්කිත මාධ්‍ය කාරයෝ කොරෝනා නැති ගෙවල් වලට පැනලා ඒවා ප්‍රචාරය කරලා අසරණ මිනිසුන්ගේ පවුද්ගලිකත්වය පමණක් නෙමෙයි ජීවිතත් අනතුරේ හෙලන එකට මොකද වෙන්නේ ??

  5. කේලමා says:

    පාත්තැනිං යයි ජලා ගලේ .

  6. Saman says:

    Again it’s proven that demalata one law,apata another law.if nothing happened in the funeral, then why we should need to follow distancing, mask, wash our hand? All are jokers

  7. SL says:

    PHI officers has done a commendable job during Covid .It is politicians who have broken the rules.
    Investigate them.

  8. Perera says:

    This is not to be done. PHI has done his job. There were so many peoples got lot of troubles than this media man in last few months.

  9. mahinda says:

    Why don’t you take action on all of the people who broke the Korona laws implemented

  10. Laankikaya says:

    Ehema sakayak nothibunanam ohuta corona pareekshanayak karala sahathikayak duna hethuwa RDHS thuma pahadili karai kiyala balaporoththu wenawa. Sakayak nothibila test karanam PCR kit eka aparaade

Main News