තොණ්ඩමන්ගේ කොන්දේසිය කෝටි 30යි.. අපේක්‍ෂකයන් තුනයි..

October 20, 2019 at 6:24 am | lanka C news
තොණ්ඩමන්ගේ කොන්දේසිය කෝටි 30යි.. අපේක්‍ෂකයන් තුනයි..

රු කොටි 30 ක මුදලක් සහ එළඹෙන මහ මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් අපෙක්ෂකයන් තිදෙනෙකු  ඉදිරිපත් කිරිමට ලංකා කම්කරු කොන්ග්‍රසය නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණින් කල ඉල්ලිම ප්‍රතික්ෂේප කල නිසා එම පක්ෂය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්විමට තිරණය කල බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය.

අමාත්‍යයවරයා එ බැව් කියා සිටියේ  නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා හැටන් නගරයේ පැවති රැස්විමක් අමතමිණි.

මෙම රැස්විමේ වැඩි දුරටක් අදහස් දක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වතු කම්කරුවන්ට දිනක මුලික වැටුප රු දහසක් ලබාදෙන බවට පොරොන්දු වි ඇති බවයි.

එ වැනි මුදලක් රජයට ලබාදිය නොහැකි බවත්, එසේ ලබා දිමට හැකියාව තිබුණේ නම් මහින්ද රාජපක්ෂ මහතා දින 52 මේ රටේ අග්‍රාමාත්‍යයවරයා වශයෙන් කටයුතු කල අවදියේ ලබා දිමට හැකියාව තිබු බවයි.

වතුකරයේ ජනතාව තොණ්ඩමන් මහතාගේ නියෝග පිලිගන්නේ නොමැති බවත්, වසර 4 ½ වගේ කෙටි කාලයක් තුල වත්මන් රජය මගින් තමන් වතුකරයේ ජනතාවට විශාල සේවයක් සිදු කල නිසා වතුකරයේ ජනතාව සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපතිරයා වශයෙන් කටයුතු කිරිමට ජන්දය ප්‍රකාශ කරන බව අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

33,122 Viewers

9 Comments to “තොණ්ඩමන්ගේ කොන්දේසිය කෝටි 30යි.. අපේක්‍ෂකයන් තුනයි..”

  1. Janaka from Mathara says:

    මූට පිස්සු! මූ හිතන් ඉන්නෙ මිනිහා පොරක් කියල.

    • john the baptice says:

      තොන්ඩමන්ට කෝටි 30ක් ඕන නෑ විස්කි බෝතලයක් දුන්නනන්ම් ඇති.

  2. Wiki says:

    මෛත්‍රීපාල සිරිසේන මහතාව මේ මොහොතේදී අවතක්සේරු කිරීම යනු දේශපාලනික වරදකි. ඔහු නොවැම්බර් 17 වනදා දක්වාම මේ රටේ විධායක ජනාධිපතිවරයාය. එසේම ප්‍රධාන පක්ෂ දෙකේම රහස් හොඳින්ම දන්නා පුද්ගලයාය. අවසන් මොහොතේ තමන් කැමති අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමටත් වඩා තමන් අකැමැති අපේක්ෂකයාගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සඳහා කළහැකි බොහෝ දෑ ඔහු සතුව තිබේ.
    එනිසා නොවැම්බර් මුල් සතියේ සිට ජනාධිපතිවරයාගේ හැසිරීම අතිශයින් තීරණාත්මක වනු ඇති අතර ජනාධිපතිවරයාගේ සම්පූර්ණ සහාය දිනා ගැනීමට හැකිවන අපේක්ෂකයා බොහෝදුරට සිය ජයග්‍රහණය තහවුරු කරගනු ද ඇත.
    මිලඟ ආණ්ඩුවක අගමැතිධූරය හිමි කර ගැනීමේ අවස්ථාවද ඔහු සතුව ඇත.

  3. suka says:

    This stupid bastard very recently lost about 10 Mn Rupees at a Casino in Colombo and cried till morning. he was drunk and money he lost was not his own money but was collected from poor estate workers. he was a beggar in Kotagala before he got in to politics

  4. sAMANTHA says:

    No body can stop becoming Sajith Premadasa as president, that is the noble truth, Palani Digambaran has understood that, that is his and his followers fortune, we respect that

  5. sw says:

    අනුන්ගේ ගණන් කියන දිගම්බරයා විකුණුන ගාන කීයද කිවුවනම් ඇති .

  6. nimal says:

    noble truth (Saji Putha’s english from his Sri Mukaya?) or Gospel Truth

  7. මාතර සුනිල් says:

    රට බෙදනවට වඩා ඒක හොදයි නේ.

  8. Pissu Peekudhu says:

    ඇත්ත කතාව…. ගෝඨා හොරා ආවොත් රට කපෝතී

Main News