තොණ්ඩමන්ගේ දේහය ගුවනින් ගම්පොලට..

May 29, 2020 at 12:00 pm | lanka C news
තොණ්ඩමන්ගේ දේහය ගුවනින් ගම්පොලට..

අභවප්‍රප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොළඹ සිට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයකින් ගම්පොල ක්‍රිඩාංගණය වෙත (29) දින ගෙන එනු ලැබුවා.

ගම්පොල ක්‍රිඩාංගණයේ සිට අමාත්‍යවරයාගේ දේහය රිය පෙරහැරක් මගින් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි අමාත්‍යවරයාගේ නිවස වෙත රැගෙන විත් මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇත.

අභවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ 56 වෙනි ජන්ම දිනය (29) දිනට යෙදි ඇති අතර (29) දින දවස පුරා තැනපත් කරන තිබෙන අමාත්‍යවරයාගේ දේහය (30) දින උදැසන රම්බොඩ සිට නුවරඑලිය නගරය හරහා කොටගල ලංකා කම්කරු මුලස්ථානය වෙත රැගෙන විත් මහජන ගෞරවය සදහා එහි තැනපත් කෙරෙනු ඇත.

අමාත්‍යවරයාගේ අවසන් කටයුතු මේ මස 31 දින පස්වරුවේ  හැටන් නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි රාජ්‍යය ගෞරව සහිතව සිදු කිරිමට අවමංගල්‍යය කමිටුව තිරණය කර ඇත.

අමාත්‍යවරයාගේ වියෝවයෙන් පසු කම්පනයට පත් වතු කම්කරුවන් අමාත්‍යවරයා අභවප්‍රාප්ත වු (26)  දින සිට අවසන් කටයුතු සිදු කරන තෙක් වතු වල දෛනික වැඩ කටයුතු කිරිමෙන් වැලකි සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

225 views
Main News