තොණ්ඩමන්ගේ සහාය සජිත්ට..?

September 27, 2019 at 5:30 pm | lanka C news
තොණ්ඩමන්ගේ සහාය සජිත්ට..?

එලඹෙන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය දක්වන්නේ කුමන අපෙක්ෂකයාට යන්න පිලිබදව ලබන සතිය තුල ප්‍රකාශයට පත් කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ආරමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේ ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන්  ඉදිරිපත්  කර ඇති ජනාධිපති අපෙක්ෂක අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන ඉදිරිපත් කර ඇති ජනාධිපති අපෙක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ යන මහතුන් සමග තම පක්ෂය මේ වන විට සාකච්ඡා පවත්වා  ඇති බවයි.

තම පක්ෂය විසින් හදුනාගෙන ඇති වතුකරයට බලපාන කරුණු 32 සම්බන්ධයෙන්  ආදාල අපෙක්ෂකයන් දෙදෙනා සමග ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති සහ ඌව පලාත් සභා අමාත්‍යය සෙන්දිල් තොණ්ඩමන් සහ ලංකා කම්කරු කොන්ග්‍රසේ ජෙෂ්ඨ උප සභාපති හිටපු මධ්‍යයම පලාත් සභා අමාත්‍යය එම්.රාමේෂ්වරන් යන මහතුන් විසින් සාකච්ඡා පැවැත් වු බවයි.

ජනාධිපති අපෙක්ෂකයන් දෙදෙනා සමග පැවති  සාකච්ජා සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසේ ජාතික සභාව වෙත කරුණු ඉදිරිපත් කර ජාතික සභාවේ අනුමැතිය ඇතිව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය කුමන අපෙක්ෂකයාට ලබා දෙන්නේද යන බව තිරණයක් ගන්නා බව ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් නායකත්වයට දැනුම් දි ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති ජනාධිපති අපෙක්ෂකයාට ලබාදෙන ලෙසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

229 views
Main News