තොණ්ඩමන් අවමගුල වෙනුවෙන් නෝවුඩ් පිටිය සූදානම් කෙරේ.. රිය පෙරහැරක්.. ප‍්‍රභූන්ට ශාලාවක්.. අවසන් ගෞරව අවසර ලත් අයට පමණයි..

May 30, 2020 at 10:32 pm | lanka C news
තොණ්ඩමන් අවමගුල වෙනුවෙන් නෝවුඩ් පිටිය සූදානම් කෙරේ.. රිය පෙරහැරක්.. ප‍්‍රභූන්ට ශාලාවක්.. අවසන් ගෞරව අවසර ලත් අයට පමණයි..

අභවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොත්මලේ රම්බොඩ වැවන්ඩන් වතු යායේ ඔහුගේ නිවසේ සිට (30) දින පස්වරුවේ හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් පදනම් කාර්යයාලය වෙත රිය පෙරහැරක් මගින් දේහය රැගෙනවිත් මහජන ගෞරවය සදහා තැනපත් කරනු ලැබුහ.

රම්බොඩ නිවසේදි හින්දු චාරිත්‍රානුකුලව ආගමික වතාවන් සහ බෞද්ධ ආගමික වතාවන් පැවැත්විමෙන් අනතුරුව දේහය කොටගල දක්වා රිය පෙරහැරකියන් රැගෙන එම සිදු කරන ලදි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද රම්බොඩ නිවසට පැමිණ අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දක්වන ලදි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා (26) දින පස්වරුවේ ඔහුගේ නිවසේ සිටියදි හදිසියේ ඇති වු හෘද්‍යාබාධයක් හේතුවෙන් අභවප්‍රාප්ත විය.

තිදරු පියෙක් වන ආරුමුගන් තොණ්ඩමන් මහතා මිය යන විට 55 වියේ පසු වු අතර අමාත්‍යයවරයාගේ 56 වෙනි උපන්දිනය (29) දිනට යෙදි තිබුණි.

අභවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු (31) දින පස්වරුවේ රාජ්‍යය අනුග්‍රහය ඇතිව හැටන් නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි සිදු කිරිමට අවමංගල්‍යය කමිටුව තිරණය කර ඇත.

අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සදහා සිමිත පිරිසකට සෞඛ්‍යය උපදෙස් සහ නිර්නායක වලට අනුකුලව සහභාගි කරවන ලෙස අමාත්‍යවරයාගේ පවුලේ සමාජිකයන්ට සහ අවමංගල්‍යය කමිටුවට සෞඛ්‍යය අංශ සහ ආරක්ෂක අංශ විසින් උපදෙස් ලබා දි ඇත.

මේ අතර ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අනුෂා සිවරාජ් මහත්මිය වතුකරයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පනවා ඇති නිරෝධාන ඇදිරි නිතියට අවනත වි කටයුතු කරන ලෙසයි.

අමාත්‍යයවරයාගේ දේහය කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් පදනම් කාර්යයාලයේ තැන්පත් කිරිමෙන් අනතුරුව එම කාර්යයාලය අවට සහ කොටගල නගරයට යුධ හමුදාව, පොලිස් විශේෂ කාර්යයාල බලකාය සහ පොලිසිය එක් ව දැඩි ආරක්ෂක වැඩපිලිවෙලක් දියත් කර තිබුණි.

අවසර ලත් අයට පමණක් සෞඛ්‍යය ආරක්ෂිත නිර්නායක වලට අනුකුලව දේහයට අවසන් ගෞරව දැක්විමට අවසර ලබාදිමට අවමංගල්‍යය කමිටුව කටයුතු කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

222 views
Main News