තොණ්ඩමන් ඉල්ලා අස්වෙයි..
June 19, 2017 at 4:40 pm | lanka C news
හිටපු ඇමති ලංකා කම්කරු කොංග්රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී ආරුමුගම් තොණ්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
මෙම ඉවත්වීම දන්වමින් ඔහු විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යවා ඇත.
හැටන් නගරයේ කැලි කසල ප්රශ්ණය විසදීමට තමන් විසින් ඉදිරිපත් කරන යෝජනා නගර සභා බලධාරීන් ක්රියාත්මක නොකරන නිසා මෙම තින්දුව ගත් බව ලිපියේ දැක්වෙයි.
තොන්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ලෙස පත් කරනු ලැබුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසිනි.