තොණ්ඩමන් දේහය පක්‍ෂ මූලස්තානයට.. ඇදිරි නීතිය මැද ජනතාව එයි.. කාර්යාලය වටා හමුදාව යොදවයි..

May 30, 2020 at 6:48 pm | lanka C news
තොණ්ඩමන් දේහය පක්‍ෂ මූලස්තානයට.. ඇදිරි නීතිය මැද ජනතාව එයි.. කාර්යාලය වටා හමුදාව යොදවයි..

අභවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොත්මලේ රම්බොඩ වැවන්ඩන් වතු යායේ ඔහුගේ නිවසේ සිට (30) දින පස්වරුවේ හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් පදනම් කාර්යයාලය වෙත රිය පෙරහැරක් මගින් දේහය රැගෙනවිත් මහජන ගෞරවය සදහා තැනපත් කරනු ලැබුහ.

රම්බොඩ නිවසේදි හින්දු චාරිත්‍රානුකුලව ආගමික වතාවන් සහ බෞද්ධ ආගමික වතාවන් පැවැත්විමෙන් අනතුරුව දේහය කොටගල දක්වා රිය පෙරහැරකියන් රැගෙන එම සිදු කරන ලදි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද රම්බොඩ නිවසට පැමිණ අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දක්වන ලදි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා (26) දින පස්වරුවේ ඔහුගේ නිවසේ සිටියදි හදිසියේ ඇති වු හෘද්‍යාබාධයක් හේතුවෙන් අභවප්‍රාප්ත විය.

තිදරු පියෙක් වන ආරුමුගන් තොණ්ඩමන් මහතා මිය යන විට 55 වියේ පසු වු අතර අමාත්‍යයවරයාගේ 56 වෙනි උපන්දිනය (29) දිනට යෙදි තිබුණි.

අභවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු (31) දින පස්වරුවේ රාජ්‍යය අනුග්‍රහය ඇතිව හැටන් නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි සිදු කිරිමට අවමංගල්‍යය කමිටුව තිරණය කර ඇත.

අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සදහා සිමිත පිරිසකට සෞඛ්‍යය උපදෙස් සහ නිර්නායක වලට අනුකුලව සහභාගි කරවන ලෙස අමාත්‍යවරයාගේ පවුලේ සමාජිකයන්ට සහ අවමංගල්‍යය කමිටුවට සෞඛ්‍යය අංශ සහ ආරක්ෂක අංශ විසින් උපදෙස් ලබා දි ඇත.

මේ අතර ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අනුෂා සිවරාජ් මහත්මිය වතුකරයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පනවා ඇති නිරෝධාන ඇදිරි නිතියට අවනත වි කටයුතු කරන ලෙසයි.

අමාත්‍යයවරයාගේ දේහය කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් පදනම් කාර්යයාලයේ තැන්පත් කිරිමෙන් අනතුරුව එම කාර්යයාලය අවට සහ කොටගල නගරයට යුධ හමුදාව, පොලිස් විශේෂ කාර්යයාල බලකාය සහ පොලිසිය එක් ව දැඩි ආරක්ෂක වැඩපිලිවෙලක් දියත් කර තිබුණි.

අවසර ලත් අයට පමණක් සෞඛ්‍යය ආරක්ෂිත නිර්නායක වලට අනුකුලව දේහයට අවසන් ගෞරව දැක්විමට අවසර ලබාදිමට අවමංගල්‍යය කමිටුව කටයුතු කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

199 views

9 Comments to “තොණ්ඩමන් දේහය පක්‍ෂ මූලස්තානයට.. ඇදිරි නීතිය මැද ජනතාව එයි.. කාර්යාලය වටා හමුදාව යොදවයි..”

  1. Ronnie says:

    Me anduwa hathpole gagena. mahinda, sir ta karanna denne Naha!!!! Mokatada yako miniya thiya gena me velave. Ekmanata evara karanne nathiwa. Munta chanda pissuwa

    • කෝලිත says:

      එතකොට සර්., බබා 👨🏻‍🦲 අයියා කරන දේවල් දන්නෙම නැහැ. ඒක වෙන්න ඇති කොරෝනා අස්සේ මිනිය දවස් පහක් ම තියාගන්න දුන්නේ. කෝ මේ කුජීත ආරෝහණ වොෂින් මැයින් එක. කොහෙද මේ රටේ නීතිය සැමට සමාන උනේ .

    • MD says:

      ජනපති අගමැති හමුදාව දොස්තරු මාධය කට කැඩෙනකන් කියලත් අපේ ගොන් හරක් පොඩ්ඩක් ඇඳිරි නීතිය අයින් කල ගමන් හැසිරුණු විධි දකිනවනේ.ඵ්වත් කථා කරමු. දේශපාලනයත්නැතුව බැරි දෙයක් වෙලා නේද?

  2. Love nature says:

    මේ ගමනින් ඉතුරුවන්නේ හොද නරක පමණයි ඔය පිටුපස යන සියලුදෙනාම අවංකව ජිවත් වෙන්න කටයුතු ක‍රන්න.

  3. Gamini says:

    Law should be common to all. All are citizen.

  4. Chinthana says:

    Mr Thondaman dead in colombo. If he died in Nuwaraeliya we do not have to face for such problums.

  5. Liyanage says:

    I really like to listen and really respected DIG Ajith Romana advice to to general public but I don’t care your just words. Where is the equality in law

  6. Karma says:

    Marunu manussayata nidahase ae gamana yannath naha deshapaluwo as miniyath wate geniyanawa. Ayyo sami me demala minissu indiyawe inna demala kattiya wagemai dagalanne .moda janathawak innakam desapaluwo dinum.miyagiya ayinge kunu sareera dawasain walalanna oni kawru marunath..

  7. රට පෙරට says:

    කොරෝනා දෙවැනි රැල්ල වැලැක්වීමට රජයට විතරක්ම කරන්න පුළුවන් දෙයක් නොවන බව මිනිසුන් තේරුම් ගත යුතුයි. නමුත් රජය ලිහිල් භාවය පෙන්වීම නිසා සහ සමාජයෙන් හමුනොවන බව පැවසීම නිසා මිනිසුන්ගේ අවධානය අඩුවෙනවා එමගින් නිරෝධායන නීති රීති කඩන්න සහ සුළුකොට තකන්න පෙළඹෙනවා. මානසිකව යමක් කල යුතු නොවේද? කවුද මේවාට වගකියන්නේ. සිංහලෙන් කියනවා නම් නියපොත්තෙන් කඩන්න තියන දේ මොකක්ද එකෙන් කඩන්න තියාගන්න එපා. කෝ මේ මාධ්‍ය්‍ය සහ වගකිව යුත්තෝ? මාධ්‍යය දැන් ටිකක් අවුල්වාගේ නේද? රට අවුල් කරන්න හදන්නේ?

Main News