තොණ්ඩමන් පදනමේ ප්‍රධාන මූල්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්..

August 15, 2018 at 12:40 pm | lanka C news
තොණ්ඩමන් පදනමේ ප්‍රධාන මූල්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්..

වතු ප්‍රදේශ ආශ්‍රිත දරුවන්ට පරිගණක උපාංග සවි කර දෙන ව්‍යාපෘතියක් සඳහා වැය කර ඇති රුපියල් මිලියන 62 ක් මුදලින් රුපියල් මිලියන 10ක් නොගෙවූ සිද්ධියක් සම්බන්ධයෙන් වංචා විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාර ගත කර සිටි සෞම්‍යමුර්ති තොණ්ඩමන් පදනමේ ප්‍රධාන මූල්‍ය අධ්‍යක්ෂ වරයා වන සෙල්වදොරේ යෝගනාදන් මහතා තවදුරටත්ලබන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ 2003 වසරේ සිට 2013 වසර දක්වා දිවයිනේ දිස්ත්‍රික්ක 24 පුරා ක්‍රියාත්මක කළ සැටලයිට් හරහා ඇන්ටනා සවිකිරමින් දුප්පත් දරුවන්ට පරිගණක පද්ධති ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් පශූ සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මුදල් ප්‍රතිපාදන යටතේ සෞම්‍යමුර්ති තොණ්ඩමන් පදනම් සිදු කිරීමේදී සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනතුරුව ය.

මේ පදනම මුදල් නොගෙවූ බවට ඊ කියොස්ක් පුද්ගලික සමාගම සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

බවජනාධිපති්‍රීනාත් පෙරේරා මහතා පිළිකා රෝගයකින් පෙළෙන ඔහුට ඇප ලබා දෙන ලෙස වෛද්‍ය වාර්තා සහ ලිඛිතව කරුණු දක්වමින් සිදු කළ ඉල්ලීම පිළිබද නියෝගය ඉදිරියේදී ලබ දෙන බව මහේස්ත්‍රාත් වරිය ප්‍රකාශ කළාය.

පැමිණිල්ල වෙනුවෙන් නිතිඥ ආර් එස් පතිරණ මහතා සහ වංචා විමර්ශන කොට්ඨාසය අධීකරණයට කරුණු ඉදිරිපත් කළේය.

– අරුණ රත්නායක

29 views