‘තොපිට අපේ ආණ්ඩුව වට්ටන්න බෑ ප****’ – වෘත්තිකයින්ගේ ETCA විරෝධතාවට එජාප වෘත්තීය සමිති සාමාජිකයෝ පහර දෙති…

October 31, 2016 at 11:20 am | lanka C news
‘තොපිට අපේ ආණ්ඩුව වට්ටන්න බෑ ප****’ – වෘත්තිකයින්ගේ ETCA විරෝධතාවට එජාප වෘත්තීය සමිති සාමාජිකයෝ පහර දෙති…

අද උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල යෝජිත ETCA ඉන්දු-ලංකා ගිවිසුමට විරෝධය පාමින් අත් පත්‍රිකා බෙදීමේ නිරත වූ ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ තොරතුරු තාක්ෂණ ශිල්පීන් පිරිසකට දුම්රිය ජාතික සේවක සංගමයේ පිරිසක් විසින් මැර ප්‍රහාරයක් එල්ල කර ඇත.

දෙනෝ දාහක් බල සිටියදී UNP වෘත්තීය සමිති සාමාජිකයෝ “තොපිලට අපේ ආණ්ඩුව වට්ටන්න බෑ ප***” ආදී පරුෂ වචන කියමින් පහර දුන්හ.

පසුව දුම්රිය ස්ථානයේ සිටි මගීන් මැදිහත්ව වෘත්තිකයන් බේරා ගත් අතර මේ ක්‍රියාව ඔවුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.”මහ ලොකු අදහස් පල කිරීමේ නිදහස මේකද? නල්ල මරේ යහපාලනයක්නේ මේක” ආදී වශයෙන් අදහස් දක්වමින් මගී ජනතාව සිය ගණනක් මේ ප්‍රහාරයට විරෝධය දක්වූහ .

12 views

3 Comments to “‘තොපිට අපේ ආණ්ඩුව වට්ටන්න බෑ ප****’ – වෘත්තිකයින්ගේ ETCA විරෝධතාවට එජාප වෘත්තීය සමිති සාමාජිකයෝ පහර දෙති…”

  1. යුක්තිය says:

    මහින්ද ජනාධිපති රටේ පෙනෙන කුනු වූ l.t.t.e ත්‍රස්තවාදීන් සෝදා හැරය මුත් නොපෙනෙන කුනු වූ u.n.p දේශද්‍රෝහීන් අතුගා දැමිය නොහැකි විය……. ඒකයි අපිට තාමත් රටක් විදිහට ඔලුව උස්සන්න බැරි උනේ….. යහපාලනය කියා ගන්නා මුන්, රට බේර ගෙන රට දියුණුව කරා ගෙන ගිය මහින්දගේ ගමනද නවතා රට විනාශ කරන්නේ l.t.t.e එකට දෙවනි නොවීමෙනි….

  2. sam says:

    මොන යහාපාලනයද ….. රනිලා දන්න යාහාපාලනයක් නෑ ….. ඇත්තෙම්ම මේ එන්න හදන්නේ J R ගේ ධර්මිෂ්ට සමාජය ….. ධර්මිෂ්ට කිව්වට ධරිමිෂ්ටම නෑ …. බිසිකල් චේන් …. JSO මැරයෝ …. යකඩ පොලු …. කටුකම්බි … එස්ලෝන් බට … ඕවා තමයි පාවිච්චි කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන්න ……

  3. Champa says:

    ජනාධිපතිතුමා කියපු යහපාලනේ මේකද? කෝ මිනිස්සුන්ට දුන්න කියපු නිදහස?

    දුම්රිය ජාතික සේවක සංගමයේ ‘මැරයන්ට’ විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුයි. Over to you Minister Sagala Ratnayake.

    දැන්නම් ජනාධිපතිතුමා ETCA ගිවිසුම පිලිබඳ ප්‍රශ්ණයට කෙලින්ම මැදිහත් විය යුතුයි. Dr. Channa Jayasumana මේ ගැන ඉල්ලීමක් කරලා තිබුනා. (සමා වෙන්න ඕනේ ඒකට support කරලා මට comment එකක් කරන්න බැරිවුනා).

    ETCA ගිවිසුම ජනාධිපති කාර්යාලයෙන් handle කරන්න ඕනේ. ඉන්දියාව මේ ගැන ලොකු බලපෑමක් කරණ නිසා, රාජ්‍ය තාන්ත්‍රික විදියට ප්‍රශ්ණේ විසඳගන්න හැටි ගැන කලින් අදහසක් දුන්න. Simple වැඩක් අප්පා කරන්න තියෙන්නේ.

Main News