තොරතුරු ඉල්ලූ විට පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු නිළධාරිනිය උඩු බුරයි…

March 4, 2017 at 7:06 am | lanka C news
තොරතුරු ඉල්ලූ විට පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු නිළධාරිනිය උඩු බුරයි…

පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය විසින් පාරිභෝගික සේවා අධිකාරිය තොරතුරක් ලබා ගැනීමට එහි තොරතුරු නිලධාරිනිය සම්බන්ධ කර ගැනීමෙන් ඉතා පහත් ලෙස දොස් පැවරූ බව එම සංවිධානය පවසයි.

මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය හා අදාල හඬ පට මෙහි දැක්වෙයි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු නිළධාරිනිය උඩු බුරයි.

තොරතුරු පනත යටතේ තොරතුරු ලබා ගැනීම සදහා අයදුම් කල අප සංවිධානය ඒ පිළිබදව විමසිම සදහා පාරිභෝගික අධිකාරියේ තොරතුරු නිළධාරිනිය ලෙස පත්කර ඇති එස්. සජීවනී කස්තුරිආරච්චි නියෝජ්‍ය අධ්‍යක්ෂ- අනුකුලවීම් හා බලගැන්වීම් යන අය  ඇමතූ විට  තොරතුරු ඉල්ලා සිටීම පිළිබදව උරණවී ඇය අප සංවිධානයේ සභාපතිවරයා වෙත අද දින දෝෂාරෝපණය කර ඇත. අප සංවිධානය විසින් ඉල්ලුමි කරන ලද තොරතුරැ අපවෙත එවා ඇති බවත් ලිපිනය වැරදියැයි සදහන් කර එම ලිපිය අධිකාරිය වෙත නැවත එවා ඇති බවත් නිළධාරිනිය පැවසූ නිසා නැවතත් අධිකාරිය විසින් එම ලිපිනයට අදාල ලිපිය යවා ඇති බැවින් අප සංවිධානයෙන් ලිපිනය පිළිබදව විමසීමක් නොකර නැවත තැපෑලට ලිපිය යොමු කිරීම පිළිබදව නිළධාරිනිය විමසන ලදී.

තොරතුරු ලබා ගැනීමේ පනත මෙරට මහජනතාවගේ අයිතියක් බව රජයේ නිළධාරින් වටහාගත යුතු සේම එම නිළධාරින්ට වැටුප් ගෙවනු ලබන්නේද මෙරට ජනතාවගේ මුදලින් බව මෙම නිළධාරීන් වටහා නොගතහොත් මෙරට ජනතාව ඔවුන්ට එය වටහාදිමට සුදානම්ය.

පාරිභෝගික අධිකාරියේ නිළධාරින්ගෙන් මෙරට පාරිභෝගිකයින්ට විශාල ලෙස හිරිහැරවන බව අප වෙත වාර්තාවන අතර පූර්ණ කාලින සමාජිකයෙකු ලෙස පත්කර ඇති විශ්‍රාමික මහධිකරණ විනිසුරුවරයෙකු පාරිභෝගික අධිකාරිය අධිකරණයක් බව හගවමින් පාරිභෝගික කටයුතු අධිකාරි පනතට එරෙහිව යමින් නොතීසි නිකුකිරීමෙන් හා පවත්වන පරික්ෂණවලදී පැමිණිලි කරුවනට හා වගඋත්තරකාර පාර්ශවයට අසභ්‍ය වචනයෙන් බැණ වැදීමෙන් හා සිය තින්දුව පිළිගන්නා ලෙස බල කරමින් කටයුතු කර ඇති අතර ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට  පැමිණිලි ලැබී ඇත. තවත් විශාල පිරිසක් පාරිභෝගික  අධිකාරියට පැමිණ තමන්ට වූ අසාධාරණයන් පිළිබදව විරෝධය පළකර ඇත.

මෙරට පාරිභෝගිකයින්ට වන පීඩාවන්ට හා අසාධාරණයන්ට එරෙහිව සහනයක් ලබා ගැනීමට තිබෙන ආයතනයෙන්ද පිඩාවට පත්විමට මෙරට පාරිභෝගිකයින්ට අප සංවිධානය ඉඩ නොතබන අතර පාරිභෝගික අධිකාරියෙන් යම් අසාධාරණයක් කිසියම් පාරිභෝගිකයෙකුහට සිදුවූවා නම් අප සංවිධානයේ 0777-205137 දුරකතනයට දැනුම් දෙන ලෙස අප ඉල්ලා සිටිමු.

සභාපතිතුමනි පාරිභෝගික අධිකාරියේ දඩාවතේ යන බල්ලන් සිටී නම් වහා බැද දමන ලෙස අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

මෙයට

රංජිත් විතානගේ
සභාපති

6 views

3 Comments to “තොරතුරු ඉල්ලූ විට පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු නිළධාරිනිය උඩු බුරයි…”

  1. kim says:

    රන්ජිත් විතානගේ මහත්මයා, ඔබතුමා සිදුකරන සේවයට අප ගරු කරනවා විතරක් නෙමෙයි අවශ්‍ය අවස්ථා වලට උද්ඝෝෂණ වලට වුණත් එනවා. හැබැයි කුමන හෝ දේශපාලකයින්ට කඩේ ගියොත් අන්න එදාට කවුරුවත් ඔබට වටා එකතු වෙන්නෙ නෑ. මොකද පාරිහෝගිකයින් මේ වෙද්දී පුද්ගල චරිත පස්සෙ යන එක නවත්වලයි තියෙනෙන. ඒ නිසා පාරිහෝගිකයින් වෙනුවෙන් පෙනී සීටින තාක් කල් අප ඔබ සමගයි. පාරිහෝගික අයිතීන්ට ජය වේවා.

  2. Nareen says:

    Ithin mokatada mema thoraturu labaa ganeeme panathak? Pahara harinnanta viruddhava kriyaamaaraga ganne nathnam. Aanduva karanneth boru.

  3. haily says:

    මිලදි ගන්න භාණ්ඩ හා සේවා පිළිබඳ මටත් කප්පරක් ප්‍රශ්න තියෙනවා. ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩවල ප්‍රමිතිය අන්තිමයි. ඒත් වෙන විකල්පයකුත් නැහැ ලංකාවේ කර්මාන්ත මුළුමනින්ම වැහිලා ගිය තත්වය යටතේ.

Main News