තොරතුරු දැනගැනීමේ අයිතිය ගමින් ගමට ජංගම සේවයක්…

September 25, 2018 at 2:05 am | lanka C news
තොරතුරු දැනගැනීමේ අයිතිය ගමින් ගමට ජංගම සේවයක්…

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව උතුරේ ජනතාවට අවබෝධයක් ලබා දීම සඳහා යාපනය වීරසිංහම් ශාලවේදී තොරතුරු අයිතිය ආර්.ටී.අයි. ජංගම සේවයක් (24) දින පැවත්වමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කොට තිබුණි.

සෑම වසරකම සැප්තැම්බර් 28 වනදාට යෙදී ඇති තොරතුරු සඳහා විශ්ව ප්‍රෙව්ශය පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් සැප්තම්බර් 21 වනදා සිට 28වනදා දක්වා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සතිය වශයෙන් නම් කොට ඇති අතර එය මෙවර පැවත්වෙන්නේ දෙවන වතාවට වන අතර උතුරේ සියලු ප්‍රදේශ ආවරනය වන අයුරින් දහසකට ආසන්න ජනතාවක් යාපනය වීරසිංහම් ශාලවට රැස් කොට ජනතාවට ගමට තොරතුරු අයිතිය පිළිබඳ ජංගම සේවාවක් පැවත්වීමට පියවර ගෙන තිබුණි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අධීක්ෂණයෙන් යාපනය වීරසිංහම් ශාලවේදී පැවති මෙම තොරතුරු දැනගැනීමේ ජංගම සේවය උත්සව අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගී වූවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජේ.එම්.තිලකා ජයසුන්දර මහත්මිය හා යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා යන අයයි.

මෙම ජංගම සේවයේදී උතුරේ වැසියන් විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය හා එහි වැදගත්කම පිළිබඳවත් ඒ පිළිබඳව තිබූ ගැටලු සහගත තත්වයන් පිළිබඳවද එම අවස්ථාවේදීම විද්වත් මඩුල්ලක් මගින් විසඳුම් ලබා දීම සිදු විය.

උතුසව අවස්ථාවට සහභාගී වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්ද මහත්මිය වැඩි දුරටත් කියා සිටියේ,

‘මේ තොරතුරු අයිතිය ජනතාවට ලබා දී ඇති වශාල වැඩසටහන මගින් රටේ සංවර්ධනය උදෙසා බාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ඔබට මෙම ජංගම සේවාව මගින් ලැබෙන අතරම රාජ්‍ය නිලධාරීන් වශයෙන් අප සියලු දෙනාටම විශාල වගකීමක් තියනවා තොරතුරු අයිතිය ජනතාවට ලබා දීම සඳහා සැපයුම් කරුවන් වශයෙන් අපේ මෙහෙවර ඉටුකිරීමට.

තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමේදී එහි සැබෑ උරුමකරුවන් වන මහජනතාව ඉල්ලූම් කරන සෑම තොරතුරක්ම අප සන්තකයේ තිබෙන සෑම තොරතුරක්ම අප ජනතාවට ලබා දිය යුතුයි. එවගේම තොරතුරු අයිතිය මහජනාවට ලබා දීම සඳහා රජයේ නිලධාරීන්ටත් මෙය මහගු අවස්ථාව වී තිබෙනවා එය උතුරු නැගෙනහිර ජනතාවට ඉතා හොඳින් ලබා දීමට සියලු නිලධාරීන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා ඒ සඳහා උතුරේ ජනතාව වශයෙන් ඔබද නායකත්වය ගෙන තොරතුරු අයිතිය ලබා ගන්නා ලෙසට ඉල්ලා සිටිනවා යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

973 Viewers
Main News