තොරතුරු දැනගැනීම අහුරමින් වෙබ් අඩවි අවහිර කරයි..
February 28, 2017 at 8:02 am | lanka C news
පසුගිය කාලය පුරාවට සිවිල් ගුවන්සේවා අධිකාරියේ පරිපාලනය විසින් සිදුකරන ලද දූෂණ, අක්‍රමිකතා පිළිබඳ කරුණු වෙබ් අඩවි ඔස්සේ හෙළිකිරීම හේතුවෙන් එහි අධ්යක්ෂ ජනරාල්වරයා ගුවන්සේවා අධිකාරියට වාසි නොවන අන්දමේ පුවත් පළ කරන වෙබ් අඩවි සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කොට ඇත.
යහපාලන රජය බලයට පත්වූයේ සැමට අන්තර්ජාල පහසුකම් සහ නොමිලයේ වයි-ෆයි ලබාදීම සිය මූලික කරුණක් කර ගනිමින් වන අතර එය මේ වන විට යථාර්තයක් බවට පත්කොට ඇත.
රජයේ ප්‍රතිපත්තිය එසේ වුවත් සිවිල් ගුවන්සේවා අධිකාරියේ වයි-ෆයි පහසුකම් මෙන්ම වෙබ් අඩවි බොහෝමයකට පිවිසීම අවහිර කොට ඇත.
යහපාලන රජය තොරතුරු දැනගැනීම පනත පවා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අවධියක රජයේම තවත් ආයතනයක් වන සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවක පහසුකම් සියල්ල එකින් එක කප්පාදු කිරීමෙන් එහි බලාත්මක බව කොතෙක්ද යන්න පැහැදිලිය.
සිවිල් ගුවන්සේවා අධිකාරියට නිරන්තරව විදෙස් ජාතිකයින් (ගුවන් නියමුවන්, ගුවන් සේවක සේවිකාවන් ඇතුලු ගුවන් කර්මාන්තයේ බලපත්‍ර ලාබගන්නා සියලු දෙනා) තම අවශ්‍යතා ඉටුකරගැනීමට පැමිණෙන අතර වර්තමානයේ මූලික පහසුකමක් ලෙස සැලකෙන වයි-ෆයි පහසුකම අවහිර කිරීමෙන් ඔවුන් පවා පීඩා විඳින අතර රටක් ලෙස එය ලැජ්ජා විය යුතු කරුණකි.
සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා හෝ මැදිහත්වී මේ වැලැක්වීමට වහාම පිළියම් ලබාදෙන ලෙස අධිකාරී සේවකයෝ ඉල්ලති.
– සමීර