‘තෝ අපේ සේවකයෙක්.. අපෙන් පඩි ගන්නෙක්.. කට වහගං **** පුතා’ පිලිපීනේ සිංහයා යහපාලන අඹ යාළුවාට ප‍්‍රසිද්ධියේ තිත්ත කුණුහරුපෙන් බනී..

December 25, 2016 at 9:50 pm | lanka C news
‘තෝ අපේ සේවකයෙක්.. අපෙන් පඩි ගන්නෙක්.. කට වහගං **** පුතා’ පිලිපීනේ සිංහයා යහපාලන අඹ යාළුවාට ප‍්‍රසිද්ධියේ තිත්ත කුණුහරුපෙන් බනී..

පිලිපීන ජනාධිපති දුටරේට් රොද්‍රිගෝ එරට මත්ද්‍රව්‍ය නිවාරන ස්වේච්ඡා බලකායේ සාමාජිකයින් ඇමතිමේ රැස්වීමේදි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කවුන්සලේ ප්‍රධානි අල් හුසේන් කුමරුට අමු තිත්ත කුණුහරුපෙන් බැන වැදි ඇත්තේ ජනාධිපති ගෙන යන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට විරුද්ධව ඔහු විසින් පලකළ මානවහිමිකම් කඩවීම් සම්බන්ධ අදහස් පිලිබඳවයි.

එහිදි පිලිපීන ජනාධිපතිවරයා පවසා සිටියේ ‘මගේ ස්වාධීන රාජ්‍යයේ ජනතාව වෙනුවෙන් ගන්නා තීරණ සම්බන්ධයෙන් හා ඔහුනගේ යහපත සඳහා රටේ වසංගතයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය වෙළෙඳාම හා භාවිතය තුරන් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග විවේචනය කරන්න හෝ ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න උබ කවුද? උබට තියෙන අයිතිය මොකක්ද තවත් ස්වාධීන රාජ්‍යයක පරිපාලනයට ඇඟිලි ගසන්නට? තෝ එන්න එපා අපිට උපදෙස් දෙන්න *** පුතා’ යනුවෙන් ඉතා දැඩි ලෙස දෝෂාරෝපණය ලක් කලේය.

එමෙන්ම ජනාධිපතිවරයා පවසා සිටියේ උබලා අපේ රටවලින් පාලනය කරන ආයතනයක් මෙන්ම අපේ මුදල්වලින් පඩි ලබන සේවකයින් බව මතක තියා ගත යුතු බවයි.

පිලිපීනය ලෝකයේ වැඩිම ජනගහනය වෙසෙන රටවල් 10 ක් එකක් වන අතර ඇමරිකානු යුද කඳවුරු කිහිපයක්ම එහි දූපත්වල පිහිටුවා තිබේ. එහෙත් එම රටේ පසුගිය කාලයේදී ඉතා දරුණු ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම වැඩි වී ඇති අතර එම උවදුර නිසා විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව මියයයි,

ශ්‍රී ලංකාවේ වසර 30ක් තිබු ලෝකයේ දරුණුතම කොටි ත්‍රස්තවාදී යුද්ධය නිමකිරීම මගින් ශ්‍රීලංකිකයන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට ක්‍රියාකල මහින්ද රාජපක්ෂ ජනාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානින්ට සහ එම රජය ගත් පියවර සම්බන්ධයෙන් අගය කිරීමක් නොකොට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කවුන්සලේ ප්‍රධානි අල් හුසේන් කුමරු තවමත් පරික්ෂණ පවත්වන අතර වර්තමාන ශ්‍රී ලංකා රජය ඔහුන් වන්දනිය තත්ත්වයට පත්කරගෙන සිටී.

අපේ රටේ රණවිරුවන්ට විරුද්ධව නිරන්තරයෙන්ම චෝදනා එල්ලකරමින් කොටි ඩයස්පොරාවේ මතවාදයට මුල් තැන දෙමින් ක්‍රියාත්මක වන එ.ජා මානව හිමිකම් කවුන්සලයට අසියාවේ ප්‍රධාන රටක රාජ්‍ය නායකයා මෙසේ ඇමතිම ශ්‍රී ලංකාවේ දෙශප්‍රෙමි ජනතාවට අස්වැසිල්ලකි.

විඩියෝව මෙතනින් මෙහි සම්පූර්ණයෙන්ම බලන්න අවශ්‍ය කොටස් ඉංග්‍රීසියෙන් ඇත.

38 views

36 Comments to “‘තෝ අපේ සේවකයෙක්.. අපෙන් පඩි ගන්නෙක්.. කට වහගං **** පුතා’ පිලිපීනේ සිංහයා යහපාලන අඹ යාළුවාට ප‍්‍රසිද්ධියේ තිත්ත කුණුහරුපෙන් බනී..”

  1. dedimunda says:

    WELL DONE GREAT LEADER ………

  2. දමිත් චන්දිමාල් says:

    ජනාධිපති රොඩ්‍රිගෝ ඩුඩෙර්ටේ පත්වීමෙන් අනතුරුව, ජූලි 1 සිට දෙසැම්බර් 6 දක්වා කාලය අතරතුර, මත්ද්‍රව්‍ය යුද්ධයන් යැයි කියමින් පුද්ගලයන් 5882ක් මරා දමා ඇත. එයින් 2041ක් මත්ද්‍රව්‍ය සැකකරුවන් වෙන අතර, තවත් 3841ක් මරා දමා ඇත්තේ නන්නාඳුනන තුවක්කුකරුවන් විසිනි. මෑතදී කෙරුණු මිනීමැරුම් අතර චේබු දිවයිනේ දී දෙසැම්බර් 3 වැනිි දින මරා දැමුණු සත් හැවිදිරි දරුවෙකු ද සිටින අතර, මේ දරුවා විසින්ද මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කළ බවට චෝදනා කර ඇත. කිසිදු නඩු විභාගයක්, ඇසිල්ලක් බැලිල්ලක් නැතිව මිනිසුන් මරා දැමීම සිදු කරන මෙවැනි නායකයන් හෙළා දැකීම වෙනුවට තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයට සරිලන නිසා උඩ දැමීම ශිෂ්ඨ මිනිසුන් ලෙස පැහැදිලිවම පිළිකුළට ලක් විය යුතුය.

    • PasiyaSL says:

      ඕකම ඇමරිකාව වගේ රටක හමුදාව්කින් උනා නම් ඕකට කියන්නේ collateral damege කියලා අමුතු නමක්. ඒවට හ්ම් නෑ

Main News