ගැටුම්වලට වකගකිව යුත්තේ අගමැතියි.. – ඥාණසාර හිමිගේ විචාරය මෙන්න..

March 7, 2018 at 9:20 am | lanka C news
ගැටුම්වලට වකගකිව යුත්තේ අගමැතියි.. – ඥාණසාර හිමිගේ විචාරය මෙන්න..

ජිනීවා මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නය එනවිටම රට තුළ සිංහල මුස්ලිම් ගැටුමක් ආරම්භ වීම සම්බන්ධයෙන් රටේ නායකයන් සහ ආරක්ෂක අංශ සොයා බැලිය යුතු යැයි බොදුබල සේනා සංවිධානයේ මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවැසුවේ ඊයේ (6) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පසුගිය කාලය පුරා ත‍ලේබාන්, ඇෆ්ඝනිස්ථානය හා අයි.එස්. සාමාජිකයන් ලංකාවට පැමිණ ඇති බවට මාධ්‍ය තොරතුරු පළකළ බව උන්වහන්සේ පැවැසූ අතර යම් ප්‍රදේශයක් අවුලා පිරිසක් ඉන් වාසි ලබා ගැනීමට බලා සිටින බවද පැවැසූහ. මේ නිසා තෙල්දෙණිය සිද්ධියේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ අගමුල හා සියලු තොරතුරු ආරක්ෂක අංශ සොයා බැලිය යුතු යැයි උන්වහන්සේ කීහ.

තෙල්දෙණිය සිද්ධියේදී මියගිය තැනැත්තාගේ මළ ගෙදරට සහභාගිවීම සම්බන්ධයෙන් ඇතැම් අය තමාට චෝදනා කරන බවද උන්වහන්සේ කීහ. මුස්ලිම් මනුස්සයකුට ප්‍රශ්නයක් ආ විට රිෂාඩ් බදුර්දීන්ට පල්ලිවලට යෑමට හැකි නම් සිංහලයන් මැරුණම මළ ගෙදර යන්න මට බැරි ඇයි දැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.

එමෙන්ම මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සියලු ගැටුම්වලට අගමැතිවරයා හා ආරක්ෂක අංශ වගකිව යුතු බවට ඤාණසාර හිමියෝ චෝදනා කළහ. තෙල්දෙණියේ සිදුවූ මරණය පිළිබඳව හා වැරදිකරුවන් අත්අඩංගුවට ගත් බව ‍පොලීසිය නිවේදනයක් මගින් දැන්වූවා නම් මෙතරම් විනාශයක් සිදු නොවන බවද උන්වහන්සේ කීහ. මිනිසුන් වඩාත් කුපිත වූවේ නීතිය ක්‍රියාත්මක කරන්න යනුවෙන් බවක් කුපිත වූ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ‍පොලීසිය භාවිත කළ ක්‍රමවේදය මිනිසුන් වඩාත් ප්‍රකෝප කරවන්නක් වූ බවත් උන්වහන්සේ කීහ.

– lakbima

88 views

25 Comments to “ගැටුම්වලට වකගකිව යුත්තේ අගමැතියි.. – ඥාණසාර හිමිගේ විචාරය මෙන්න..”

  1. ලොකු අයියා says:

    මුන් තමයි ජාතිවාදයෙන් යැපෙන උන්.
    ප්‍රචණ්ඩත්වය සුලු ජාතීන් ශක්තිමත් කරයි.
    ආර්ථික සම්බාදක තමයි එකම මග…

  2. නයා.... says:

    මේවට වග කියන්න ඕනේ නොර්වේ සල්ලි වලට බුරන චීවරදාරී පෙරේතයෝ

  3. Ruwansiri says:

    Mr. Pinbatha rata Kanawa

  4. nishan says:

    Oya siwra porowa gena inna eka thamai waga kiyanna onne.

  5. dammika says:

    අහෝ දෙව්දත් නොදුටු මොක්පුර​……!!!

Main News