ත‍්‍රස්තවාදී චෝදනා මත පාර්ලිමේන්තුවේ ඉහලම නිලධාරියෙක් අත්අඩංගුවේ.. සහරාගෙන් සමීපතමයෙක්..

May 20, 2019 at 10:00 am | lanka C news
ත‍්‍රස්තවාදී චෝදනා මත පාර්ලිමේන්තුවේ ඉහලම නිලධාරියෙක් අත්අඩංගුවේ.. සහරාගෙන් සමීපතමයෙක්..

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාවට නායකත්වය දුන් සහරාන් හෂීම්ගේ ත්‍රස්ත කටයුතු සඳහා සහාය දුන්නේ යැයි සැකපිට පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්ථන අංශයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සහරාන්ගේ ත්‍රස්තවාදී කටයුතු සහ එම සංවිධානයට සහාය දුන් බවට චෝදනා මතයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල රෝහලේ රෝහලේ දී අත්අඩංගුවට ගත් එම රෝහලේ කාර්යමණ්ඩල නිලධාරියෙකු සහ තවත් දෙදෙනෙකෙුගෙන් කළ ප්‍රශ්නකිරීම් වල දී අනාවරණය වූ තොරතුරු මතයි.

අත් අඩංගුවට ගත් මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නවුෂාඩ් නම් 42 හැවිරිදි මෙම පුද්ගලයා පාර්ලිමේන්තුවේ අදාළ තනතුර සඳහා පත්කර ඇත්තේ ඉහළ පෙළේ මුස්ලිම් දේශපාලනඥයෙකු හරහා බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව මෙවැනි තනතුරු සඳහා පුද්ගලයන් පත් කරන පිලිගත් ක‍්‍රමවේදය වන්නේ තරග විභාගයකින් තෝරාගැනීමයි.

40,287 Viewers

8 Comments to “ත‍්‍රස්තවාදී චෝදනා මත පාර්ලිමේන්තුවේ ඉහලම නිලධාරියෙක් අත්අඩංගුවේ.. සහරාගෙන් සමීපතමයෙක්..”

  1. UD says:

    ඔහුව පත් කර ඇත්තේ බදියුදීන් නම් නොවේ. එහෙම නේද?

  2. Kadiya says:

    That highest level politician is the most responsible body. Finally the speaker will safegard that politician and blame to sinhala politicians.

  3. one shot says:

    ජෙප්පන්ගේ සහායෙන් සර්ව බලධාරී බදූර්දීන් ජනපති සටනට එයිද​?(ඊබ්‍රාහිම් ලීක්ස් වෙබ් අඩවිය)​

  4. රම්බා says:

    එතකොට ඒ මුස්ලිම් දේශපාලකයාට විරුද්ධවත් කටයුතු කරන්නැද්ද?

  5. sathya says:

    පාර්ලිමේන්තුවේ අදාළ තනතුර සඳහා පත්කර ඇත්තේ ඉහළ පෙළේ මුස්ලිම් දේශපාලනඥයෙකු හරහා බව වාර්තා වෙයි.

  6. Stupid says:

    oh..they were so close to remove the stupid leadership of this country, wasn’t it?

  7. Sun says:

    There must have been a master plan. All the intelligence network was home . There is no one to monitor the happenings. It was the master plan probably. No one to think from the shaded minds. They cannot see beyond as their heads have no clues. Not powerful heads to forecast happenings.Anyway , it was a narrow escape.

Main News