අපේ ජාතික ලයිස්තුවෙන් ඉල්ලූ ත‍්‍රස්තවාදී සැකකරු ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ ත‍්‍රස්ත වැඩවලට සම්බන්ධ යයි විශ්වාස කරන්නේ නෑ.. ජාතික ලයිස්තුවට දැමුවේ විවිධ වෘත්තික හා ජාතිකත්ව පදනමෙන්..- ජවිපෙ කියයි..

April 25, 2019 at 6:26 am | lanka C news
අපේ ජාතික ලයිස්තුවෙන් ඉල්ලූ ත‍්‍රස්තවාදී සැකකරු ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ ත‍්‍රස්ත වැඩවලට සම්බන්ධ යයි විශ්වාස කරන්නේ නෑ.. ජාතික ලයිස්තුවට දැමුවේ විවිධ වෘත්තික හා ජාතිකත්ව පදනමෙන්..- ජවිපෙ කියයි..

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් දෙමටගොඩදී අත්අඩංගුවට ගන්නා ලද ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ එම ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට සම්බන්ධ යයි තවමත් විශ්වාස නොකරන බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෙසේ වෙතත් ඔහු වරදක් කර ඇත්නම් නීතිය ක‍්‍රියාත්මක කල යුතු යයිද මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

මේ අතර ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ නම් පුද්ගලයා 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් මහ මැතිවරණයට ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කර තිබූ පුද්ගලයෙකු වීම සම්බන්ධයෙන් එම පක්‍ෂය විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.

ඔවුන් විසින් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ විවිධ වෘත්තීන්ට හා විවිධ ජාතිකත්වයන්ට අයත් පුද්ගලයන්ට අවස්ථාව දීමේ පදනමින් ඔහු ජාතික ලයිස්තුවට එක් කල බවයි.

2015 ජනතා විමුක්ති පෙරමුණේ මහ මැතිවරණ ජාතික ලයිස්තුවෙන් මෙම යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම් දැක්වෙන්නේ ‘ව්‍යාපාරික’ ලෙසයි

සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

ජනමාධ්‍ය නිවේදනයයි

නිරායුධ අහිංසක සිවිල් පුරවැසියන් 300කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි කරමින් හා 500කට වැඩි ප්‍රමාණයකට තුවාල සිදුකරමින් පසුගිය 21දා එල්ල කරන ලද ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ වනවිට රට තුළ අනාරක්ෂිතභාවයක් හා නොසන්සුන්තාවයක් මතුව තිබේ. මෙම තත්වය මගහරවා රට තුළ යළි සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට හැකි ආරක්ෂිත තත්වයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ බලධාරීන් ඇතුළු කාගේත් වගකීම වේ.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරය වළක්වා ගැනීමට ආරක්ෂක අංශ හා ආණ්ඩුව අසමත්ව ඇති බව පැහැදිලිය. දැන් බලධාරීන් විසින් කළ යුත්තේ එකිනෙකාට දොස් පවරමින් තම වගකීමෙන් මිදීම නොව අදාල වගකීම් භාරගෙන මෙවැනි තත්වයන් යළි ඇති නොවීමටත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් විපතට පත්වූවන්ට සහන සැලසීමටත් පියවර ගැනීමය.

අනෙක් අතට සියලුම පුරවැසියන්ගේ හා දේශපාලන කණ්ඩායම්වල වගකීම වන්නේ මෙම සංවේදී මොහොත මෙම පටු දේශපාලන වාසි සඳහා යොදා නොගෙන වගකීම් සම්පන්නව කටයුතු කිරීමය. එහෙත් සමහර බංකොලොත් දේශපාලන කණ්ඩායම් ‘බොරදියේ මාළු බෑමේ’ උත්සාහයක නිරත වන බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොට අවලාද නැගීම එවැනි උත්සහයක් බව පෙනේ. එබැවින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතු යැයි අපි සිතමු.

මෙ සිදුවීමට අදාළව දෙමටගොඩදී අත්අඩංගුවට ගනු ලැබ ඇති එක් පුද්ගලයෙක් 2015 මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අයෙක් බව තහවුරු වී තිබේ. මෙම පුද්ගලයා ජවිපෙ සාමාජිකයෙක් හෝ ක්‍රියාකාරිකයෙකු නොවේ. ජවිපෙ ජාතික ලැයිස්තුවට නම් යෝජනා කරනු ලැබුවේ මැතිවරණයකදී තරඟ නොකරන විවිධ වෘත්තීන්ට හා විවිධ ජාතිකත්වයන්ට අයත් අයට අවස්ථාවක් දීම සඳහාය.

ජවිපෙ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා අනුමත කරන පක්ෂයක් නොවන බවත් විනයගරුක හා වගකීමෙන් කටයුතු කරන පක්ෂයක් බවත් කුහක නොවන හෘදයසාක්ෂියක් ඇති සියලු දෙනාම දන්නා කරුණකි. එසේ තිබියදී මෙම සිදුවීමට අදාළ වූ සැකපිට අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු පදනම් කරගෙන ජ.වි.පෙ.ට අවලාද නැගීම බංකොලොත් දේශපාලන කණ්ඩායම් විසින් දුෂ්ට අරමුණින් සිදුකරන ක්‍රියාවකි.

මෙම සිදුවීමේදී අදාළ පුද්ගලයා හෝ ඔහුගේ පවුලේ අය මෙයට කිසියම්ම හෝ සම්බන්ධතාවයක් තිබේනම් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඩුවම් කිරීම ආරක්ෂක අංශවල කාර්යයක් වන අතර ඒ සඳහා ඕනෑම සහයක් ලබාදීමට ජ.වි.පෙ.ත් සූදානම් බවද අවධාරණය කළ යුතුය.

අවසාන වශයෙන් අවධාරණය කළ යුත්තේ, විවිධ පන්නයේ වංචාවලට දූෂණවලට වගකිව යුතු දූෂිතයන් සිය නිරුවත වසා ගැනීම සඳහාත් තම පටු දේශපාලන වුවමනාවන් සඳහාත් මෙවැනි සංවේදී සිදුවීම් යොදාගනිමින් ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැගීමට ඉදිරිපත් වීම කණගාටුවට කරුණක් බවය. එය වගකිව යුතු සියලු දෙනා විසින් ප්‍රතික්ෂේප කළ යුතු ක්‍රියාවකි.

එබැවින් මෙවැනි අවලාදවලින් නොමඟ නොයන ලෙසත් මෙම සංවේදී මොහොතේ වගකීමෙන් යුතුව එක්ව කටයුතු කරන ලෙසත් අපි සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි,
දේශපාලන මණ්ඩලය වෙනුවෙන්

එම්. ටිල්වින් සිල්වා
ප්‍රධාන ලේකම්
ජනතා විමුක්ති පෙරමුණ

684 views

38 Comments to “අපේ ජාතික ලයිස්තුවෙන් ඉල්ලූ ත‍්‍රස්තවාදී සැකකරු ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ ත‍්‍රස්ත වැඩවලට සම්බන්ධ යයි විශ්වාස කරන්නේ නෑ.. ජාතික ලයිස්තුවට දැමුවේ විවිධ වෘත්තික හා ජාතිකත්ව පදනමෙන්..- ජවිපෙ කියයි..”

  1. Dayan says:

    හා. අනුර උගේ රට සවාරිය තාම ඉවර කරේ නැතෑ? සතුටින් ඉදලා එන්න කියන්නකෝ.

  2. aruu says:

    JVP eka ibrahim wa hondatama danagena hitiya. Ekane jaathika layisthuwata damme. Naandunana ekek jaathika layisthuwata daanne kisima wagakiimak nathi paksha. Mun oya wadeta sambandhayi. Munta pitarata oththu sewa walin salli hambenawa, ekane mun padiya paksheta denne. Mun me koranne amarikan saha uk hamuda walata lankawata enna paara kapiimayi. Jeppo iilanga chandedi canvesing aawoth polpiththen gahala elawamu!

  3. vishnu says:

    (ජවිපෙ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා අනුමත කරන පක්ෂයක් නොවන බවත් විනයගරුක හා වගකීමෙන් කටයුතු කරන පක්ෂයක් බවත් කුහක නොවන හෘදයසාක්ෂියක් ඇති සියලු දෙනාම දන්නා කරුණකි) මුන් කියන ලොකුම බොරුව මේක .පාහර බල්ලො

    • Anurage punchiamma says:

      Me kiyana hardashakshiya thiyenne ahara jeerna paddathiye anthima kelaware maye hithe.

  4. ගමනායක says:

    ජවිපෙ කියන කරන දේ හිස මුදුනින් පිළිගන්නා මෝඩයින්ට මේ කියන්නේ. මුන්ට මේ රටේ ප්‍රායෝගික දේශපාලනය තේරෙන්නේ නැති මෝඩයින් පිරිසක්. මුන්ගෙ මහ එකා විජේවීර තමයි මේ වගෙ ප්‍රචණ්ඩක්‍රියා අපේ රටට පුරුදු කළේ.

  5. Nalin says:

    Most of the Jvp members are murders, remember very well on 88/89 so no need to wonder, they have only the thousand talk. and nothing else

  6. asanga says:

    දේශපාලන පක්ශයක් තමන්ගේ ජාතික ලැයිස්තුව ඉදිරිපත් කරනකොට තමයි ඉතාම සැලකිලිමත් විය යුත්තේ. මොකද ඒ පුද්ගලයා පාර්ලිමේන්තුවට ගියොත් ඔවුන්ගේ ප්‍රතිපත්ති මත ක්‍රියා කළ යුතු නිසා. ඒ නිසා මොවුන්ට එයින් ගැලවෙන්න බෑ. මෙයාලා හදලා තියන්නෙ සල්ලි තියන මුස්ලිම් ජාටිහ්කයෙක් ජාතික ලැයිස්තුවෙන් දමලා ඒ මාර්ගයෙන් මුස්ලිම් ඡන්ද ගරාගන්න. මොන තරම් පහත් වාමාංශිකයොද මුන්? හරි නම් මෙච්චර ලොරි ටෝක් දෙන මුන් දාන්න ඕන උගත්තු, දාර්ශනිකයො වගේ අය නේද? තුන පහ මුදලාලි කෙනෙක් දානවා චන්ද ගන්නම බලාගන. මුන් තරම් කුහකයො තවත් නෑ. ඉස්ස්ල්ලා ක්‍රිශ්මාල් වර්ණකුලසූරිය දැම්මා. ඔහු රෝයල් තෝමියන් එකේ කුනුහරප සින්දු කියද්දි මුන් නිහඬයි. ඒ කියන්නෙ මුන්ට මිනිහා අදාලම නෑ. කොහොමත් මුන්ට චන්ද නොලැබෙන නිසා කමක් නෑ. ශුව ඊබ්‍රාහිම් සල්ලි දෙන්න ඇති. ඒවා පක්ශ අරමුදලට කියලා ඉතින් දැම්මට ප්‍රයෝජන ගන්නෙ මුන් සෙට් එක තමයි. ලජ්ජ නැති හාල් පාරිවො. මුන්ට කිසි දෙයක් කරන්න පුළුවන් දැක්මක් නෑ ඔහේ කියවනවා. බලය තිබ්බ වෙලාවේ දැක්කනේ වැව් තඩලන්න කට්ටිය ගිය හැටි. අඩු ගානෙ සද්ද නොකරවත් ඉන්න ඕන, නැත්තම් අපි දැන හිටියේ නෑ සමාඑන්න කියන්න ඕන. ඒ දෙකම නෑ මුන්ට මොනවා වුනත් රඟපාන්නෙ මුකුත් නූන ගානට.

    • seaturtle says:

      JVP is supporting terrorists
      This is not the REAL JVP that used to exist.
      JVP itself is there to destroy Sinhalese people and BUDDHISM

  7. Neutral Man says:

    There could be some truth to their stand that Ibrahim is not an active member of the JVP. But according to Ranil the Ponnaya, Ibrahim is the Financier of JVP. That may be the reason why the JVP thugs can afford to donate their perks ( as they claim) and still manage to send their children to overseas schools, buy houses in Ireland and remain frequently airborne. By the way according to a reliable source , it was 2 ex-LTTErs and 2 Muslims who received and garlanded Anura Kumara at the Toronto airport during his New year trip to Canada.

    As to their claim that JVP is a disciplined party, always acting with utter responsibility and never condoned barbaric acts or violence, I am sure more than 66000 dead in 1989 and 10000 in 1971 , during JVP uprisings, could vouch for that.

    I HONESTLY FEEL SORRY FOR THE MISGUIDED ORDINARY YOUTHS WHO FOLLOW THESE RASCLAS BLINDLY.

  8. Sri Lankan says:

    Kala kam pala de….

    JVP you are cultivating what you have done……I wish your party and you all morons go to hell…

  9. UNP GAL IBBA says:

    අනීවාර්‍යයෙන්ම JVP මෙය පිටුපස ඉන්නවා මුංගේ ගෝලයා සුදනා කරන්න යන්නේ වරද වසා ගැනීමටය මෙතරම් දවසක් කටක් නොහෙල්ලු මුන් උංගේ සගයා ගැන නොදොස් බව පලකරනවා මෙයින් ඉතාම පැහැදිලි දෙයනම් JVP කුක්කෝ ත්‍රස්තවාදය කොතනද මුං එතනය​???

  10. gamarala says:

    DO NOT be surprised.
    Birds of same feathers get together.
    JVP is a murderous terrorist organisation. What happened from 1971 to 1989 ?

    .

Main News