ත‍්‍රස්ත කටයුතු කල කිලිනොච්චි වෛද්‍යවරයෙක් හමුදා අත්අඩංගුවේ…

August 19, 2019 at 12:40 pm | lanka C news
ත‍්‍රස්ත කටයුතු කල කිලිනොච්චි වෛද්‍යවරයෙක් හමුදා අත්අඩංගුවේ…

කිලිනොච්චිය පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා දෙමළ ඩයස්ෆෝරාව ඇතුලු ත්‍රස්ත කටයුතු වලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැක පිට ඊයේ (18) රාත්‍රියේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් හා යුද හමුදා බුද්ධිඅංශ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍ය වරයා වන වෛද්‍ය සිවරූබන් මහතා ඊයේ (18) දින රාත්‍රියේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීමකින් අනතුරුව වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

අදාල වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව යාපනයේ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දී ඇති අතර මේ වන විට අදාල වෛද්‍ය වරයාගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වැඩි දුර ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටියි.

අත්අඩංගුවට පත් පලෙයි රෝහලේ වෛද්‍යවරයා යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි වන අතර ප්‍රධාන වෛද්‍යවරයාගේ සිදු කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

30,480 Viewers

4 Comments to “ත‍්‍රස්ත කටයුතු කල කිලිනොච්චි වෛද්‍යවරයෙක් හමුදා අත්අඩංගුවේ…”

  1. Kalana Premadasa says:

    LTTE or ISIS?

  2. බන්ඩා says:

    සමරාන්ට සහාය දුන් එකෙක්ද?

    • Mahasona says:

      ISIS වුනත් LTTE වුනත් ත්‍රස්තවාදියෙක් නම් අපරාධවලට සම්බන්ද නම් වහාම ඔහුට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි
      අපරාධකාරයන්ට සමාව ලබා නොදිය යුතු යි

  3. MD says:

    Safige yaluwekda?ehenam no problem.Rishard danatama Ranilta call ekak deela ati.police apa labei,naduwa December walata kalyai.

Main News