ත‍්‍රිකුණාමලයෙන් රටින් පලා ගිය ගුවන් යානය ගෙන්වා ඇත්තේ ආණ්ඩුකාරයෙක් හා ඔහුගේ පුතා

January 9, 2019 at 10:15 pm | lanka C news
ත‍්‍රිකුණාමලයෙන් රටින් පලා ගිය ගුවන් යානය ගෙන්වා ඇත්තේ ආණ්ඩුකාරයෙක් හා ඔහුගේ පුතා

ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩල නීතිරීතිවලට පටහැනිව හිටපු ආණ්ඩුකාරවරයකු හා ඔහුගේ පුතකු ආයෝජන මණ්ඩලයේ මැදිහත්වීමකින් තොරව විදේශීය ආයෝජකයන් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් තීරණය කර තිබේ.

පසුගිය 3 වැනිදා විශේෂ පෞද්ගලික ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණ ඇති මෙම ආයෝජකයන් පිරිස ඉකුත් 6 වැනිදා චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් ආපසු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවත් ඔවුන් සාම්පූර්හි ඩොලර් මිලියන 1.75 ආයෝජනයක් සිදු කිරීමට එකඟ වූ බව එකී හිටපු ආණ්ඩුකාරවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ කවර පදනමක් මතදැයි සොයා බැලිය යුතු බවත් එම මන්ත්‍රිවරු පිරිස අවධාරණය කරති.

විදේශ ආයෝජකයන් පිළිබඳව පසුගිය කාලය තුළ විවිධ චෝදනා එල්ල වූ පසුබිමක වත්මන් ආණ්ඩුව යටතේ ආයෝජකයන් සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දෙන එම මන්ත්‍රිවරුන් පිරිස මෙම ආයෝජකයන් රටින් පිටව ගිය ආකාරය පිළිබඳව එල්ල වී ඇති චෝදනාද නොසලකා නොහැරිය යුතු බවද සඳහන් කරයි.

– mawbima

49,701 Viewers

13 Comments to “ත‍්‍රිකුණාමලයෙන් රටින් පලා ගිය ගුවන් යානය ගෙන්වා ඇත්තේ ආණ්ඩුකාරයෙක් හා ඔහුගේ පුතා”

  1. "සිංහයා සීරුවෙන් තියනු" says:

    පෙඩරල් බලය නැතිව මෙය සිදුවු නම්
    සිතනු බලය ලැබී මොනදේ කරයි නම්
    රටම අරක්ගන්ට පිටරැටි සැරසේ නම්
    ධජ සිංහයා සීරුවෙන් තියනු දැන් නම්

  2. CAT says:

    මේ සියල්ලටම රටේ පාලකයන් වග කිවයුතුයි …ගුවන් හමුදාපති නිදී ද ? මුළු රටම අනතුරේ ..නැවතත් ත්‍රස්තවාදීන් වැඩ පටන් අරන්
    පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ..ජනපති , අගමැති වහාම ඉල්ලා අස්වනු

  3. n.s fasions kurunegala says:

    CORRUPT BOGOLLAGAMA

  4. citizen says:

    These investors appear to have come for a visit to see the investment opportunities. Is it wrong or illegal? Is their coming in a private aircraft wrong or illegal? Did they violate any immigration rules? If they came in a normal flight would it be wrong? How many people are coming to the country in this manner in their private air crafts? They have expressed their willingness to invest. That’s all. This is normal. Please don’t mislead.

    • Dp says:

      Citizen කියන පොල් බූරුවො ..
      රටකට අතු වීමේදී හා පිටවීමේදී ඔවුන් එන යානය මොනා වුනත් ආගමන විගමන පනත් වලට අනුකුල විය යුතුයි . චීන වරාය අබ්යන්තර ගුවන් තොටුපලක් .තමුන්ගේ පුද්ගලික යානයෙන් වුනත් විගමන නීති වලට පිටින් රටින් පිටවීම නීති විරෝධියි .

      • citizen says:

        Have they violated immigration rules? Who says that? News item doesn’t say so

        • Dp says:

          Prez wants inquiry on violating Immigration Act
          2019-01-10 02:19:43 2 2544

          President Maithripala Sirisena had ordered the Defense Ministry to inquiry into an alleged violation of the Emigration and Immigration Act by a private jet, a team of foreign investors and a provincial governor who lost his job recently, SLFP media spokesman Mahinda Samarasinghe said

  5. kavinda says:

    Even investors must follow the immigration laws. It is a basic factor. accountability, sovereignty and defence of the country????

  6. kavinda says:

    Even investors must follow the immigration laws. It is a basic factor.

  7. david milibanda says:

    20A deela balamu dan mehema nam………. Deiyooo sakki

  8. neil says:

    This is a serious issue. border protection, drugbringing by private planes violation of imgreation laws… etc.

Main News