ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි පවරා ගන්නා බවක් මා කීවේ නෑ..- ගම්මන්පිල

February 20, 2021 at 3:50 pm | lanka C news
ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි පවරා ගන්නා බවක් මා කීවේ නෑ..- ගම්මන්පිල

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා මූලික කෙටුම්පපතක් සකස් කිරීම පිණිස වන විශේෂඥ කමිටුව වෙත පිවිතුරු හෙළ උරුමයේ ව්‍යවස්ථා යෝජනා බාරදුන් අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

ප්‍රශ්නය : ඔබතුමා මේ තෙල් ටැංකි ටික ත්‍රිකුණාමලේ පවර ගන්නවා කියලත් කියනවා?

පිළිතුර : පවර ගන්නවා කියලා මම කිසිසේත්ම කිව්වේ නෑ . මාධ්‍ය ආයතනයක් ඉංග්‍රීසියෙන් යවද්දී සහ ඉංග්‍රීසි පුවත්පත් පරිවර්තනය මගින් සිංහල කතාවේ වරදක් කරලා තියෙනවා. Re-acquire කියන වචනය පාවිච්චි කරලා තිබුණා. එය යළි අත්පත් කරගන්නවා නැත්නම් පවර ගන්නවා කියන අදහසයි. නමුත් මගේ කතාව ඔබට ඇහෙන්න ඇති. එය මාධ්‍ය වල පළ වුණා. මම එතන එදා පැහැදිලිව කියනවා ඉන්දියාවට බදු දුන්නු ඒ තෙල් ටැංකි යළිත් අප සතු කරගන්නවා. තෙල් සංස්ථාවට බහුතරය තියන ලංකා ඉන්දියානු තෙල් සමාගමත් ප්‍රධාන කොටස් කරුවෙක් වන සමාගමකින් ඒවා සංවර්ධනය කර පාලනය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කතාවක් කරහම සමස්ත කතාවම ප්‍රවෘත්ති වල යන්නේ නෑනෙ. ඉතින් ඒ පණිවිඩය සංස්කරණයේදී තමයි ඒක වෙනස් වෙලා තියෙන්නේ. ඔබ බැලුවොත් මගේ මුල් කතාව මගේ ෆේස්බුක් වල යූ ටියුබ් වල තියෙනවා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මං මොකක්ද කිව්වේ කියලා.

ප්‍රශ්නය : ඔබතුමා ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය එක්ක සාකච්ඡාවක් කරලා තියෙනවද මෙහෙම දෙයක් ගැන?

පිළිතුර : අනිවාර්යයෙන්ම ඔව්.

ප්‍රශ්නය : එයාලා කියනවා නිත්‍යානුකූලව එහෙම සාකච්ඡාවක් කරලා නෑ කියලා.?

පිළිතුර : සාකච්ඡාවක් තිබ්බෙ නෑ කියලා කියලා කොතැනකවත් කියලා නැහැ. නමුත් අත්පත් කරගන්නවා කියලා සාකච්ඡාවක් කරලා නෑ තමයි. ඒ කතාව ඇත්ත.

ප්‍රශ්නය : මේ කාරණය මතු වෙන්නේ නැගෙනහිර ජැටිය එක්ක එන ප්‍රශ්නෙත් එක්ක අනුබද්ධවද?

පිළිතුර : කිසිසේත්ම නෑ.මේ ගැන ඔබ බැලුවොත් මගේ අමාත්‍යාංශය මට විෂය පවරද්දී එහි එක කාරණයක් විදිහට තියෙන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමට කටයුතු කිරීම. ඒ අනුව මම ඇමති වූ දවසේ ඉඳන් තමයි ඒ පිළිබඳ ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ කළේ .

ප්‍රශ්නය : සාකච්ඡාවාවේදී යම් ආකාරයකින් මේ තියෙන දේ එහෙම්මම තියෙනවා. ඒක දෙන්නෙ නෑ කියලා යම්කිසි මතයක් ආවොත් ?

පිළිතුර : ඔව් ඉතින් අපට ඉන්දියාවට ගහලා ගන්න බෑනෙ. ඉතින් මේවා අපේ රටේ කලින් හිටිය ආණ්ඩු ඉන්දියාව සමග තෙල් ටැංකි සාමූහිකව සංවර්ධනය කර පවත්වාගෙන යා යුතුයි කියලා තියෙන්නෙ ඉන්දු ලංකා ගිවිසුමෙන්. ඊළඟට මෙම තෙල් ටැංකි ටික ඉන්දියාවට බදු දුන්නේ 2003 පෙබරවාරි මාසයේ දහවෙනිදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ඉතිං දැන් ඉන්දියාවට දීලයි තියෙන්නේ. ඒක යළි ලබාගන්නවා කියන එක ඉන්දියාවට තර්ජනය කරලා බලහත්කාරයෙන් ගන්න බෑ. ඒ නිසා තමයි අපි සාකච්ඡා කරලා එකඟතාවන් ඇති කරගන්නේ.

ප්‍රශ්නය : නමුත් අර අනු නමයෙන් පහළොවක් නේ ඔවුන් සතුව ක්‍රියාත්මක වෙන්නේ මේ වෙනකොට?

පිළිතුර : ඒක සම්පූර්ණ බොරුවක්. ඔය බොරු කියන අයට ආරාධනා කරනවා 2003 පෙබරවාරි දහවෙනිදා අත්සන් කළ ගිවිසුම බලන්න. තෙල්ටැංකි අනු නමයම ඉන්දියාවට බදු දීලයි තියෙන්නේ. විෂය ගැන කිසි අවබෝධයක් නැති ගිවිසුමක් ජීවිතයට කියවල නැති විශ්‍රාමික කම්කරුවෙක් තමයි මේ සියලු බොරු ප්‍රචාර කරන්නේ. ගිවිසුම කියවල තේරුම් ගන්න බැරි අය මෙසේ වගකීම් විරහිතව මාධ්‍ය සංදර්ශන පැවැත්වීමත් ඔවුන්ට මාධ්‍යවලින් ප්‍රචාරය ලැබීමත් ඇත්තෙන්ම විමතියට කාරණයක්. මොකද 2003 ගිවිසුමෙන් ඉතා පැහැදිලිව පේනවා ටැංකි සියල්ලම තමයි ඉන්දියාවට බදු දීලා තියෙන්නේ. පහළොවක් නෙමෙයි ඒක බොරු කතාවක්. මම ආරාධනා කරනවා. ගිවිසුම ප්‍රසිද්ධ ලේඛනයක්, ගිවිසුම කියවලා බලන්න. එතකොට ඉතා පැහැදිලියි ටැංකි සියල්ලම ඉන්දියාවට බදු දී තිබෙන්නේ.

ප්‍රශ්නය : දැන් ඔබතුමා සදහන් කරා සාකච්ඡා කරා කියලා. සාධනීය ලක්ෂණ තිබෙනවාද ඒ කියන්නේ ?

පිළිතුර : ඒ නිසා තමා මම ප්‍රකාශ කරේ අපේ සාකච්ඡා අනුව හවුල් ව්‍යාපාරයක් කරා මේවා සංවර්ධනය කරන්න ප්‍රතිපත්තිමය එකඟතාවයක් හදාගෙන තියෙන්නේ. දැන් ඉදිරි විස්තර තමයි සාකච්ඡා මාර්ගයෙන් අවසන් කරගන්න තියෙන්නේ.

– midea unit

28,548 views

23 Comments to “ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි පවරා ගන්නා බවක් මා කීවේ නෑ..- ගම්මන්පිල”

  1. Darshana abayakoon says:

    මූ වගේ දෙපත් නයෙක්. මූ කරපු කතාව සින්හලෙන්ම අපි අහුවා. තඩි පචේ කියද්දි එතන හිටපු බය්යො ඔල්වරසන් දුන්න. දැන් මූ කියනව එහෙම කිව්වෙ නැල්ලු. මුන්ට චන්දෙ දෙන එවුන් කොච්චර ගොබ්බද කියල පේනව දාල තියෙන කොමෙන්ට්ස් වලින්. කෙලින්න පුලුවන් තරම් කෙප්ප කෙලල ජනතාව රවට්ටල බලේ අරන් දැන් ජාතියන්තරේ ඉස්සරහ විහිලුවක් වෙලා. අවුරුදු 5 ඉවර වෙද්දි මොනවයින් මොනව කරල තියෙයිද දන් නෑ. වැඩ බැරි ටාසන් ලා.

  2. ලොක්කා says:

    යූ ඇන් පිය කරපු විනාසෙ ගැන සද්දයක්වත් නෑ.දැන් මේ වචනයක් අල්ලගෙන තමා අවුල.කොහොමත් උන් රටට කරපු විනාසෙ තමා අපිට පල දෙන්නේ.

Leave a Comment

Main News