ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාද නැද්ද කියා තවම තීරණය කලේ නෑ..

October 4, 2021 at 12:02 am | lanka C news
ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාද නැද්ද කියා තවම තීරණය කලේ නෑ..

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක සංකීර්ණය ඉන්දීය සමාගමකට දීර්ඝකාලීනව බදු දීම සදහා කටයුතු කරන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා අදහස් පළ කරයි.

ඔහු පවසන්නේ දැනට එම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා සිදු කරමින් බවත් අවසන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැති බවත්ය.

රජයක් ලෙස අත්තනෝමතික කටයුතු කිරීමට අදහසක් නැති බව ද ඔහු පැවසීය.

මේ අතර ඛනිජ තෙල් වෘත්තිය සමිති චෝදනා කරන්නේ ඉන්දීය සමාගමක් වෙත මෙම තෙල් ටැංකි සංකීර්ණය ගිවිසුමක් මගින් ලබාදීමට සූදානම් වන බවයි.

එමෙන්ම තෙල් ටැංකි ඉන්දීය සමාගමකට බදු දීමේ සැලැස්ම අතරතුර දැනට මෙරට ඉන්දීය කෙල් සමාගම සතු බෙදාහරින ජාලයද දීර්ඝ කාලීනව ඔවුන් වෙත පවරා දීමේ සූදානමක් ඇතැයි ද ඔවුහු කියා සිටිති.

10,664 views

12 Comments to “ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාද නැද්ද කියා තවම තීරණය කලේ නෑ..”

  1. සවි says:

    ඔච්චර තටමන්න දෙයක් නෑනේ..ඕකත් දීල දාන්න. යොහානි හිටි වෙනකොට ආරාධනා ඵනකොට,ඉනදීය හමුදා සන්දර්ශන ඵනකොට අපිට තේරුනා. කෝ අර ලපයයි, බූරැ පුතානෝයී…?

  2. M.O.A.Careem says:

    Hon. G.L.Pieis too with R.W in 2002 1/3 Ceylon Petroleum Corporation owned awarded to L.I.O.C. & tank farm at Trincomalee on long term lease 35 yrs.

Main News